Thursday, June 22, 2017

සමෘද්ධියෙන් සිප්දොර ශිෂ්‍යත්ව කරන්දෙනියට

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදල මගින් ක්‍රියාත්මක සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන මෙවරද සිරිත් පරිදි රටපුරා 2016 අ:පො:ස:(සා:පෙ:)විභාගයට පෙනීසිටිමින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සමෘද්ධිප්‍රතිලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

    මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ පසුගියදා කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුවිය. සමෘද්ධි මූලස්ථාන කලමණාකරු ප්‍රධාන කලමණාකරුවන්ගේ සම්පත්දායකත්වයෙන් 2017/19 අධ්‍යයන කාලයට ඇතුළත් දරුවන් 110ක් වෙනුවෙන් මෙම තෝරා ගැනීමේ පරීක්ෂණය පැවැත්විණි.

     කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉහළම සුදුසුකම්ලත් දරුවන් 30ක් ප්‍රමුඛතාව මත තෝරා ගෙන එම පිරිස වෙනුවෙන් මසකට රු:1500/= බැගින් මාස 24 ක් දක්වා ශිෂ්‍යත්ව පිරිනැමෙන බවත් මෙම සියළුම දරුවන් සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල දරුවන් බවත් සමෘද්ධි සහනාධාර වලින් සමාජ ආරක්ෂණ අරමුදලට බැර කෙරෙන මුදල් මේ සදහා යොදවන බවත් සමාජ ආරක්ෂණ නිලධාරීනි මල්කාන්ති මහත්මිය පැවසීය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක - කරන්දෙණිය

No comments:

Post a Comment