Wednesday, June 21, 2017

ළමා සමාජය ගෙනා...... මිහින්තලාව

     ලාංකිය ජනතාවට විශේෂිත දිනයක් වන පොසොන් පොහෝ දිනයේ වැඩිහිටියන් මෙන්ම ළමා ලපටින් ද ඒ සඳහා සුදානම් වන්නේ මහත් උනන්දුවෙනි. මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කරමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ වූ පුණ්‍ය කටයුතු සංවිධානය කරයි. වැඩිහිටියන් හා කරට කර යමින් ළමා කැල ද ඒ සඳහා උනන්දු වනු අපට දක්නට ලැබිණි. ඒ අනුව යමින් ගණේගොඩ කලාපයට අයත් ගොළුවාමුල්ල උතුර ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි කැකුළු ළමා සමාජය මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලාව නිර්මාණය කරන්නට යෙදුණි. ගොළුවාමුල්ල ශ්‍රී සුදර්ශනාරාමයේ විහාරස්ථානයේ දින තුනක් තිස්සේ ප්‍රදර්ශනය කෙරුණු මෙම නිර්මාණ කාර්යයේදී කැකුළු ළමා සමාජ දරුවන්ට, ප්‍රදේශයේ තරුණ කලාකරුවෙක් වන සාලිය ඉදුනිල් මහතාගේ සහාය නොඅඩුව ලබාදී තිබිණි.

අනුර කුමාර ලීලානන්ද
ගමන විශේෂ සන්නිවේදක
කළමණාකරැ
සමෘද්ධි බැංකුව - ගනේගොඩ

No comments:

Post a Comment