සමෘද්ධි දරුවන්ගෙන් මව්වරුන්ට ආහාර මල්ලක්
පුත්තලම ප්රාදේශය ලේකම් කොට්ඨාශයේ තිල්අඩිය ග්රාම නිලධාරි වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි එම්.පී.වී. බාලනාදන් මහතා සමග එක්ව එම වසමේ සමෘද්ධි ළමා සමාජ දරුවන් විසින් සංවිධානය කරන ලද අසරණ මව්වරුන්ට වියලි ආහාර මල්ලක් ලබාදීමේ වැඩ සටහනක් පසුගියදා තිල්අඩිය නින්දෙනිය ග්රාමයේදී පැවැත්විනි.
වැඩිහිටියන්ට සැලකීම වැනි යහපත් ගුනාංග දරුවන් තුල වර්ධනය කිරීමේ අදහසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා සමෘද්ධි සමිතිවල සාමාජිකයින් මෙයට අනුග්රහය ලබා දි තිබිනි.
චින්තන රත්නායක
ගමන සන්නිවේදක
පුත්තලම
No comments:
Post a Comment