තරාතිරම නොබලා සියලු නිළධාරීන් යලි පාසල් අවධියට
ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සමෟද්ධි සංවර්ධන නිළධාරීන් ග්‍රාම නිළධාරීන් මෙන්ම ලේකම් කාර්යාලයට අනුයක්තව සේවය කරන සියලුම තරාතිරම් වල නිළධාරීන් 200 කට ආසන්න පිරිසක් ඕලු, මානෙල්, නෙළුම් වශයෙන් කංඩායම් තුනකට බෙදා නිවාසාන්තර මළල ක්‍රිඩා තරඟයක් පවත්වන්නට ඇලහැර ප්‍රාදේශීය ලේකම් එස්.එම්.කේ කුමාරීහාමී මහත්මිය සහකාර ලේකම් චන්ද්‍රා මලවි ආරච්වි මහත්මියත් කටයුතු කලා.
ඉතාමත් විනෝදජනක හා උද්යෝගීමත්ව පැවත් වු මෙම තරඟය සියලු නිළධාරීන්ට පාසල් කාලයේ සුන්දරත්වය යලි සිහියට නැගෙන අවස්ථාවක් බවට පත් වු අතර, ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය නායකත්වය ලබාදුන් මානෙල් නිවාසය විසිනි. ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්රදානය කිරීම පොලොන්නරුව දිස්ත්‍රික් මහ දිසාපතිතුමන්ගේ සුරතින් සිදු වීය.
කේ, එම්, වික්‍රමවංශ රාජපක්ෂ
ගමන සංනිවේදක - ඇලහැර
No comments:
Post a Comment