Saturday, July 1, 2017

නරාවල ප්‍රියංගන කුමාරට සමෘද්ධියෙන් නිවසක්
     
    බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෝද්දල සමෘද්ධි කළාපයේ නරාවල ග්‍රාම නිළධාරී වසමේ පදිංචි එච්.එම්. ප්‍රියංගන කුමාර මහතා තම බිරිද හා පාසැල්යන වයසේ පසුවන දරුවන් දෙදෙනා  සමග ජීවත්වූයේ කටුමැටි ගැසූ කුඩා ගෙපැලකය.බිරිදටද රැකියාවක් නොමැත. ප්‍රියංගන කුමාර මහතා එදිනෙදා යෙදෙන කුලී වැඩක නියැලෙන ස්ථීර රැකියාක් නොමැති අයෙකි. ඔවුන් පදිංචිව සිටි කටුමැටි ගැසූ කුඩා ගෙපැල පසුගියදා ඇතිවූ අධික වර්ෂාවත් සමඟ බිමට සමතලාවිය. ඔවුන්ගේ බලාපොරොත්තුද  ඒ සමගම බිමටම සමතලා වූයේ කිසිවෙක් නොසිතූ අන්දමිනි.   එච්.එම්. ප්‍රියංගන කුමාර මහතාගේ පවුලේ සාමාජිකයින් සඳහා සමෘද්ධි සහනාධාර ලෙස මසකට රු.3500/=ක හිමිකම් ලබන  සමෘද්ධි ප්‍රතිලාභී පවුලකි. අසරණ තත්වයට පත්වු මෙම පවුල එම පවුලේ ඥාතීන්ගේ  හා අසල්වාසීන්ගේද සහයෙන් තාවකාලික කුඩා නිවසක් තනාගෙන ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් බොහෝ අපහසුතා මැද තම ජීවිකාව ගෙනයන ලදී.


   ප්‍රියංගන කුමාර මහතාගේ බිරිඳ නරාවල සමෘද්ධි සමිතියේ ක්‍රියාශීලී සාමාජිකාවකි. සමෘද්ධි සමිතිය රැස්වූ අවස්ථාවේ වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී එච්.කේ. ගුණසිරි මහතා විසින් සමෘද්ධි දිරිය පියස නිවාස වැඩසටහන පිළිබඳව කරනු ලැබූ දැනුවත් කිරීමට අනුව ප්‍රියංගන කුමාර මහතාගේ බිරිඳ විසින් තම පවු‍ලේ සාමාජිකයින් ගෙවන ජීවිතය පිළිබඳව සමෘද්ධි සමිතියේදී තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන ලදී. ඒ අනුව සමෘද්ධි සමිතියේ සියළු සාමාජිකයින්ගේ එකඟතාවයෙන් සමෘද්ධි දිරිය පියස නිවාස වැඩසටහන යටතේ ප්‍රියංගන කුමාර මහතාගේ නිවස තනාදීම සුදුසු බවට තීරණය කරන ලදින්, වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී එච්.කේ. ගුණසිරි මහතා විසින් සමෘද්ධි දිරිය පියස නිවාස වැඩසටහන යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් එක්ලක්ෂ පනස්දහසක(රු.150000/=) මුදලක් අනුමත කරදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලදී.

    ඒ සඳහා පෝද්දල සමෘද්ධි කළමණාකාරිනී රුක්මනී දේවිකා මහත්මියද අවශ්‍ය සහයෝගය ලබාදෙන ලද්දේ පවුලේ අසරණකම සියැසින්ම නිරීක්ෂණය කිරීමෙනි. සමෘද්ධි කළමණාකාරිනී රුක්මනී දේවිකා මහත්මියද මෙම කාර්‍යය සදහා දක්වන ලද උනන්දුව මත බෝපේ-පෝද්දල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ මූලස්ථාන කළමණාකාරිනී චම්පා කොඩිකාර මහත්මියද, බෝපේ-පෝද්දල සමෘද්ධි බැංකු සමිති කළමණාකාරිනී ක්‍රිෂ්ණා ප්‍රියංගනී මහත්මියගේද උනන්දුව මත  ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා ඒ සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කරන ලදී. කොට්ඨාසයේ සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර සමන්ත ගුණසේකර මහතාගේ හා වසමේ සංවර්ධන නිළධාරී මහතාගේ මැදිහත්වීමෙන් එම අසරණ පවුල සඳහා නිවස ඉඳිකිරීමට අත්තිවාරම දැමීමට කටයුතු කරන ලද්දේ 2017/06/12 දින පෙ.ව.09.02ට යෙදුනු සුබ මොහොතිනි.

    මෙම අවස්ථාව සඳහා බෝපේ-පෝද්දල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් රැසක් සහභාගීවූ අතර, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව නිවස ඉදිකිරීමේ කටයුතු සඳහා තම ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී. මෙම අවස්ථාවට එක්වූ බෝපෙ-පෝද්දල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි ව්‍යාපෘති කළමණකරු සුනේත්‍රා මුදලිගේ මහත්මිය විසින් 2017 ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ ජීවනෝපාය උපකරණ ලබාදීම පිණිසද කටයුතු කරන ලද්දේ එම පවුලේ ජීවන තත්වය උසස්කරලීම පිණිස අවශ්‍ය සහය ලබාදෙමිනි.


සරත් පලිහපිටිය ගමගේ
සමෘද්ධි සන්නිවේදක -
බෝපේ පෝද්දල

No comments:

Post a Comment