මැදිරිගිරිය 86 ගජබාපුර ග්‍රාම නිලධාරී වසමේ උදාර සහ ප්‍රගති සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන විසින් සියළු සාමාජිකයින් ඒකරාශීකර සමාජ සජීවිකරණ පුහුණු වැඩසටහන් දෙකක් පසු ගියදා පැවැත්විමෙන් අනතුරුව පැල තවාන් පාලනය, කිරිගව පාලනය පිළිබදව උන්දුවක් දක්වන හා දැනට කරගෙන යන ප්‍රතිලාභින් 99 වේදේහපුර සාර්ථක අත්දෑකීම් ඇති අය හමුවී අත්දැකීම් හුවමාරුවක සිටියදී සමෘද්ධි ගමනට හමුවිය.
මේ පිළිබදව ගමනට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ “මෙතෙක් අපි හිටියේ සම්පත් අපි ලගට ගෙනත් දෙනකන් ඒ නිසා අපි එක තැන හිරඋනා. සජීවිකරණ පුහුණු වැඩසටහන අපව අවදිකලා, සමෘද්ධි සහනාධාරයට අපි හිරවෙලා හිටියේ අපි සම්පත් හොයාගෙන යන්ඩ ඕනෑ, දන්න අය සමග අත්දෑකීම් හුවමාරු කර ගැනීමෙන් අපි අපේ ශත්තීන් වර්ධනය කර ගන්ඩ පුළුවන්, නොදන්නා දේ දන්නා අය සමග සාකච්ජා කර දැන ගැනීම තුලින් අපිට ඉදිරියට යන්න පුළුවන් ” යනුවෙන් ඔවුන් සදහන් කල අතර, අත්දැකීම් පමණක් නොව වේදේහපුර වසමේ ප්‍රතිලාභින් ලග තිබූ විවිධ වූ පැල වර්ග පවා හුවමාරු කර ගැනීම අත්දැකීම් හුවමාරුව සදහා පැමිණී සහෝදර හිතවතුන්ද ඉදිරියට යෑමට ඔවුන් මහගු උපකාරයක් කල බව ගමනට ඒත්තු ගිය අතර, අත්දැකීම් හා දැනුම හුවමාරුව තුල අඩු ආදායම්ලාභීන්ගේ ශක්තීන් වර්ධනය කර ඔවුන් සවිබල ගැන්විය හැකි බවද ගමනට තහවුරු කරගත හැකිවිය.
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය


No comments:
Post a Comment