Thursday, August 9, 2018

පුත්තලම සමෘද්ධි ව්‍යවසායකත්ව කමිටුව රැස්වේ


  අඩු ආදායම්ලාභීන්ගේ  හැකියාවන් හදුනා ගැනීම සදහා වු  ව්‍යවසායකත්ව කමිටුව  2018/08/08 දින පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී  රැස්විය

   පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වු අතර මුලස්ථාන කලමණාකරු උපුල් නයනානන්ද මහතා අරමුණ පැහැදිලි කරමින් .දිගු කාලීනව සමෘද්ධි බැංකුව හා සම්බන්ධව කටයුතු කල අඩු ආදායම් ලාභීන්ගේ හැකියාවන් හදුනා ගැනීමට හා ඔවුන්ගේ ණය අවශ්‍යතා හදුනා ගැනීමට සහය දක්වන ලෙස පැවසීය.

  පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම සමෘද්ධි කලමණාකරුවන්, සංවර්ධන නිලධාරිවරුන්ද ග්‍රාම නිලධාරිවරුන් හා ආර්ථික සංවර්ධන නිලධාරි වරුන් ඇතුලුව ප්‍රජාමුල සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment