Monday, July 10, 2017

අධ්‍යාපනය ලැබීම සිසු වගකීමයි


   සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියමය පරිදි රටපුරා ක්‍රියාත්මක අධ්‍යාත්මික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කරන්දෙනිය මහඑදණ්ඩ සමෘද්ධි කලාපයේ ප්‍රධාන වැඩසටහන කරන්දෙනිය ජාතික පාසලේදී මේ දිනවල පැවැත්වේ.

   විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් 3800 කණ්ඩායම් 6කට පන්ති වශයෙන් වෙන්කොට වෙනවෙනම දින 6ක් තුලදී දැනුම්වත් කිරීම සිදු කෙරේ. අධ්‍යාපනය සදහා සෞඛ්‍යය සහ අධ්‍යාපනය සදහා මානුෂවාදී බලපෑම් මාතෘකා ලෙස ගෙන  පූජ්‍ය පණ්ඩිත පිටිගල ධම්මවිනීත හිමියන් සහ ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී. ප්‍රනීත් මහත්මා විසින් වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙයි.

  මෙම දැනුම්වත් කිරීමේ අවස්ථාවන්ට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයද කොටස් වශයෙන් සහභාගී කරවන බව විදුහල්පති ශාන්ත ආරියරත්න මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු "මේ පාසලේ දරුවන් ටික හදලා සමාජගත කලොත් කරන්දෙනියම හැදුවා වගෙයි. සමෘද්ධියෙන් මේ කරන කටයුත්ත අපේ පාසලේ නොවේයි කරන්දෙනිය ගමේ වැඩ කටයුතක් හැටියට සලකලා මම බොහොම ස්තුතිවන්ත වෙනවා. අපේ කොට්ටාශයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ සියළු දෙනාටම"

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment