Thursday, July 20, 2017

“අඩි හැටේ පාළම” දුම්රිය පාලමේ වැඩ අවසන්

    කොළඔ සිට බදුල්ල බලා ධාවනය කරමින් තිබූ තැපැල් දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ කොටගල “අඩි හැටේ පාළම” අසලදී ඉකුත් (13) දා අළුයම අනතුරට පත්වීමෙන්  අනතුරුව එම දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු නිම කර කොළඹ සිට බදුල්ල බලා ධාවනය කෙරෙණ දුම්රිය අද (20) පෙ.ව.11.00 ට පමණ ධාවනය කෙරිණි. 

     අනතුර සිදුවී උඩරට  දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු නිම කිරීමට සතියක පමණ කාලයක් ගතව තිබුණි. පරීක්ෂණ දුම්රියක් අද පෙරවරුවේ  මෙම මාර්ගයේ ධාවනය කිරීමෙන් පසුව  කොළඹ සිට බදුල්ල බලා  ගමන් කරන දුම්රිය ධාවනයට යොදවා තිබුණි.

     ඉකුත් (13) දා සිදුවූ තැපැල් දුම්රිය අනතුරෙන් එහි මැඳිරි 04 කට හා අඩි හැටේ පාළම මෙන්ම දුම්රිය මාර්ගයටද හානි සිදුව තිබුණි. එහිදී දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment