මේ දින වල ඉතා සීග්රයෙන් පැතිර යන ඩෙංගු උවදුරට ප්රධාන හේතුව වන්නේ අප අවට පරිසරය අපවිත්රව පැවතීමය. ඒ සදහා අපට තම ගෙවත්ත මෙන්ම පොදු ස්ථානද පවිත්ර කිරිමට සිදුවේ. පොදු ස්ථාන පිරිසිදු කිරිමට බොහෝ වෙලාවට එකමුතු වන්නේ ගමේ සමිති සමාගම්ය.
මෙවන් කටයුතු වලට මුල් තැන දෙන ගමේ සමෘද්ධි සමිතිය බොහා් අවස්ථා වලදී සිය ශක්තිය ගම තුල පෙන්වනේ තම වසම් භාර නිලධාරීන්ගේ මග පෙන්වීම මතය. එවන් ශ්රමදානයක් පසුගියදා අමිබන වසම මුලික කරගෙන වසම් භාර නිලධාරී නිශාන්ත කොඩිතුවක්කු මහත්මා විසින් සංවිධානය කර තිබින. සමෘද්ධි සමිතිය ගමේ තරුණ පිරිස සමගින් එකතුව අමිබන පාසලට පිවිසෙන ප්රධාන මාර්ගය හා ඒ අවට පරිසරය පිරිසිදු කිරිමේ ශ්රමදායක් ඉතා සාර්ථාක අන්දමින් පැවැත්විණි. ගම තුල තවත් මෙවන් ඩෙංගු මර්ධන ශ්රමදාන රැසක් සංවිධාන කර ඇති බව නිශාන්ත මහත්මා ගමනට පැවසීය.
ප්රදීප් චන්දන නානායක්කාර
No comments:
Post a Comment