Tuesday, August 15, 2017

සමෘද්ධි ගමන වෙළද දැන්වීම් ඵල දරයි

දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක කතා කරයි
පශු වෛද්‍ය නිළධාරීන්  සොයා යයි

    දුගී හිතවාදී අහිංසක මිනිසුන්ගේ දහඩිය සුවදක් කොට ඔවුන්ගේ හඩ ගමින් ගමට දොරින් දොරට පමණක් නොව මුළු රටටම මුළු ලොවටම  සමෘද්ධි ගමන  කියද්දී...  ආරම්භ කරන ලද වෙළද ප්‍රචාරයද  මල් ඵල ගන්වමින් මැදිරිගිරිය  97 වෙඩිකච්චිය වසමේ සමගිපුර ග්‍රාමයේ ආරම්භකර ඇති  ගම් කුකුල් පැටව් හා වටු කුරුලූ පැටව් නිෂ්පාදනය කරන සදුන් සත්ව ගොවිපල හිමිකරු ඩබි.ඒ. සදුන් කුමාර මහතාට දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමා දුරකථනයෙන් කතා කල බවත්, මැදිරිගිරිය පශු වෛද්‍ය නිලධාරී තුමා ගොවිපලට පැමිණි බවත් සදහන් කරයි.

    සමෘද්ධී ගමන මේ පිළිබදව සදුන් මහතාගෙන් විමසීමේදී එතුමා කියා සිටියේ පසු ගියදා පොළොන්නරුව සමෘද්ධි අධ්‍යක්ෂක තුමා කතා කර තම සත්ව ගොවිපලේ තොරතුරු පිළිබදව විමසූ බවත්, ඉදිරි දිනකදී ගොවිපල නිරීක්ෂණය සදහා පැමිණෙන බවත්, මෙතෙක් පැමිණි මග හා ඉදිරි ගමන්මග පිළිබදව විමසා ඇත.

    මෙතෙක් පශු වෛද්‍ය නිලධාරී මහතෙකු මෙම ගොවිපල සදහා පැමිණ නොමැති අතර එතුමාද පැමිණ සත්ව ගොවිපල පරික්ෂාකර එන්නත් කිරීම, සතුන් රැකබලා ගැනීම, ලෙඩ රෝග පිළිබදව දැනුවත් කර ඇත. මෙම අවස්ථාවේදී ගොවිපල් හිමිකරු විසින් මූලික ගැටළුවක් වන කුඩා අවදියේදි ගැහැණු  සහ පිරිමි සතුන් හදුනා ගැනීම තමා නොදන්නා බැවින් ඒ පිළිබදව විමසීමෙන් සී.අයි.සී ආයතනයේ එවැනි පුහුණුවීම් ඇති බැවින් පුහුණුවක් සදහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන බව පශ= වෛද්‍ය නිලධාරී පැවසූ බවද සදහන් කරන ලදි. 
                 
වැඩිදුරටත් සමෘද්ධි ගමන අදහස් දැක්වු ගොවිපල් හිමිකරු ඉල්ලා සිටියේ සමෘද්ධි ගමන ගෙන යන වෙළද ප්‍රචාරන වැඩ සටහන නොනවත්වා ඉදිරියට ගෙන යමින් සියලූ කුඩා ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ අලෙවි ප්‍රවර්ධනයට ශක්කියක් වන ලෙසයි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment