Sunday, August 20, 2017

ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ බිම්මල් වගා පුහුණුවක්


   නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල 2017 වර්ෂය සදහා ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ පුහුණු වැඩ සටහන් සදහා ලබා දුන් ප්‍රතිපාදන යොදා ගනිමින් බිම්මල් වගාව පිළිබද පුහුණුවක් පසුගියදා පැවැත්වුණි. පෝද්දිවල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු පාසලේ පැවති මෙම පුහුණු වැඩ සටහන සදහා කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 34 නියෝජනය කරමින් ප්‍රතිලාභීන් 64 දෙනෙකු පමන සහභාගි වී සිටියහ. බිම්මල් වගාව ආරම්භ කිරීමේදි  කේෂේත්‍රය සකස් කර ගන්නා ආකාරය පිළිබදව, වගාව සංවර්ධනය කර ගනිමින් පවත්වා ගෙන යන ආකාරය සහ වගාවට හානි කරන කෘමීන් සහ දිලීර රෝග පිළිබදව මෙහිදී ප්‍රතිලාභීන් දැනුවත් කරන ලදි. බිම්මල් වගාව පිළිබද මූලික දැනුම සහ ප්‍රායෝගික  දැනුම ලබාදීම මෙහිදී සිදු කෙරැණි. 

   නියාගම ප්‍රාදේශීය මහ ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මැතිතුමාගේ උපදෙස් මත මෙම වැඩ සටහන නියාගම ව්‍යාපෘති කළමණාකාර අනෝමා ප්‍රියදර්ශිකා මහත්මිය විසින් සංවිධානය කර තිබුණාය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි ව්‍යාපෘති අංශය මගින් මේ සදහා ප්‍රතිපාදන වෙන් කර තිබුණි.⁣ පෝද්දිවල කෘෂිකර්ම පුහුණු පාසලේ කෘෂි උපදේශක තුමා විසින් මෙම වැඩ සටහන මෙහෙය වූ අතර මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මිය, ව්‍යාපෘති සහකාර ජයන්ත පද්මසිරි මහතා ද මේ සදහා සහභාගි වී සිටියහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment