Thursday, August 10, 2017

දෙටුවර අභිමන් දීප ව්‍යාප්ත දැනුම මිනුම තරඟාවලියේ ගාල්ල දිස්ත්‍රික් ශූරතාවය බෝපෙ පෝද්දලට

    සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍යශය යටතේ ඇති ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් 2017 ජාත්‍යන්තර වැඩහිටි දින සමරුව වෙනුවෙන් දරුවන් තුල වැඩිහිටියන් පිළිබදව ඇති ආකල්ප සංවර්ධනය හා ඒ තුලින් වැඩිහිටියන්ට ගරු කරන පරිපුර්ණ දරු පරපුරක් බිහි කිරිමේ අදිටනින්  දීප ව්‍යාප්තව පැවැත්වු දැනුම මිණුම තරඟාවලියේ ගාල්ල දිස්ත්‍රික් අවසන් මහා තරග ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 7 වන මහළ ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

මේ සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සමෘද්ධි කැකුඵ ළමා සමාජයන්හි දරුවන්ටද අවස්ථාව ලබා දී තිබු අතර ඒ සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14 කින් කණ්ඩායම් ඉදිරිපත් කර තිබිණ. එම කණ්ඩායම් අතරින් බෝපෙ පෝද්දල කොට්ඨාශය නියෝජනය කල දැනුම මිණුම කන්ඩායම ජයග්‍රණය හිමිකර ගනිමින් ජාතික තරඟාවලිය සදහා සුදුසුකම් ලබා ගන්නා ලදි.


   මෙම අවස්ථාව සදහා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා ඇතුඵ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින් මෙන්ම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරින් හා කළමණාකරුවන් මෙන්ම දරුවන් දෙමාපියන් ඇතුඵ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.



ඩී.ඒ.පී සුරංජිත්
සමෘද්ධි දිස්ත්‍රික් සන්නිවේදක
ගාල්ල

No comments:

Post a Comment