Thursday, August 10, 2017

වැඩිම තැන්පතු රැස්කල සමෘද්ධි නිලධාරින්ට තිළින


   පසුගිය සිංහල හා හිංදු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ක්‍රියාත්මක කල ඉතුරුම් සතිය තුල  පුත්තලම ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාශයේ වැඩිම තැන්පතු රැස්කල සමෘද්ධි නිලධාරින්ට තිළින ප්‍රධානය කිරිම පසුගිය 2වනදා පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි සිදුවිය.

   කොට්ඨාශයට අයත් කළාප දෙකෙන් වැඩිම තැන්පතු රැස්කල නිලධාරින් අතරින් රු.6065700.00 රැස්කල එච්. පයිරුස් මහතා ප්‍රථම ස්ථානයද, රු.6053600.00 රැස්කල එම්.පී.වී. බාලනාදන් මහතා දෙවන ස්ථානයද, රු.3415460.00 රැස්කල එම්.යු.එප්. නස්රියා මහත්මිය තුන්වන ස්ථානයද දිනා ගත්හ.

   පුත්තලම කොට්ඨාශ රැස්වීමේදි සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.පි. වීරසේකර මහතා විසින් මෙම තිළින ප්‍රධානය සිදුකල අතර  සහකාර සැලසුම් අධ්‍යක්ෂ ඩබ්. චතුරානි මෙනවිය, මුලස්ථාන කලමණාකරු උපුල් නයනානන්ද මහතා, බැංකු සමිති කළමනාකරු ඩී.එම්. ධර්මවීර මහතා, කළාප කළමණාකරු ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය, ප්‍රියන්ත රණසිංහ මහතා සහ සමෘද්ධි නිලධාරින්ද, ඇතුලුව කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරින් හා ප්‍රදේශයේ ප්‍රජා සංවිධානවල සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම.

No comments:

Post a Comment