Wednesday, August 30, 2017

දිළිඳුකම පිටු දැකිමේ වැඩ සටහන් රැසක් ඉමදුවේ


    දිළිඳුකම පිටුදැකිමේ ජාතික ව්‍යාපාරය වන සමෘද්ධි ව්‍යාපාරය තුල ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන සදහා ඇත්තේ සුවිශේෂි වු තැනකි. අඩු ආදායම්ලාභි පවුල් වල ආදායම් මට්ටම ඉහල නැංවීම, සෞඛය හා පෝෂණ මට්ටම් වැඩි කිරිම, රැකියා අවස්ථා පුඑල් කිරිම තුලින් දිළිඳුකම ඉතා අවම මට්ටමකට පත්කිරිම පරමාර්ථ කරගෙන එම වැඩ සටහන් ක්‍රියාත්මක වේ. විශේෂයෙන් රටේ දේශිය නිෂ්පාදිතය ඉහල දැමිම  සදහා  අඩු ආදායම්ලාභි ප්‍රජාවගේ දායකත්වය වැඩි කිරිම මුලික අරමුණ බවට පත්ව ඇත.

   සමෘද්ධි බැංකු, ප්‍රජාමූල සංවිධාන සහ සමෘද්ධි නිලධාරින් මෙන්ම තාක්ෂණික සේවා සපයන රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන වල සහභාගිත්වයෙන් ඉතා ඉහල සංවර්ධන විභවතාවයක් සහිත ජීවනෝපාය ව්‍යාපෘති හදුනා ගැනිමත්, කුඩා පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනයත්, නව ව්‍යවසායකයින් බිහිකිරිමත්, රැකියා වෙළද පොළට සරිලන පුහුණු ශ්‍රමිකයින් සදහා වෘත්තිය පුහුණුව ලබාදීමත් මෙම වැඩ සටහනේ අරමුණයි.

   එම අභියෝග ජයගනිමට  සමෘද්ධි ප්‍රතිලාභින් පුහුණු කිරිමේ ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන් රැසක් පසුගිය දිනවල ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්විණි. ඒ ජීවනෝපාය සංවර්ධන පුහුණු  වැඩ සටහන් සදහා වෙන්වී ඇති ප්‍රතිපාදන මත  ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මී කාන්ති මහත්මියගේ මග පෙන්වීම යටතේ ව්‍යාපෘති කලමණාකරු ඉසුරු කඑආරච්චි මහතාගේ   අධික්ෂණය යටතේය.

   ඒ යටතේ සාරි හැට්ට සහ පාසල් නිල ඇඳුම් මැසිමේ පාඨමාලාව,  තිර රෙදි මැසිම, කේක් පාඨමාලාව (වෙඩින් කේක්, අයිසින්  කේක් ), ටී ෂර්ට් මැසිමේ සහ මහණ මැෂින් අලුත්වැඩියා කිරිමේ පාඨමලා සංවිධානය වි තිබු අතර මෙම පාඨමාලා සදහා ස්වයං රැකියා වල නියුතු හා ස්වයං රැකියා ආරම්භ කිරිමට බලා සිටින විශාල ප්‍රතිලාභින් පිරිසක් එක්ව තිබිම විශේෂත්වයක් විය. සෑම පාඨමාලාවක් සදහාම  ඒ ඒ  කේෂ්ත්‍රය තුල විශේෂ පුහුණුව ලැබු නිලධාරින් මගින් ප්‍රායෝගිකව පුහුණුව සහිතව දේශණ  ලබාදීමට අවශ්‍ය  කටයුතු ව්‍යාපෘති කලමණාකරු ඉසුරු කඑආරච්චි මහතා විසින් සංවිධානය කර තිබුනා. ඉහත පාඨමාලා සාර්ථකව අවසන් කල ප්‍රතිලාභින්ට ස්වයං රැකිය ආරම්භ කිරිමට අවශ්‍ය උපකරණ ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ ඉදිරියේදි ලබාදිමට නියමිත බවත් ඒ තලින් සාර්ථක ව්‍යාපාර රැසක් ඉමදුව කොට්ඨාශය තුලින් බිහිකිරිමට දායකවන ලෙසත් පැමිණි සිටි පුතිලාභින් දැණුවත් කරමින් ඒ මහතා වැඩි දුරටත් දන්වා සිටියා. මූලස්ථාන කලමණාකරු ආනන්ද දිසානායක, ව්‍යාපෘති සහකාර අනෝජා අලුත්ගමගේ  ඇතුඑ සමෘද්ධි නිලධාරින් පිරිසක් මෙම පාඨමාලා සදහා එක්විය. 

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක - ඉමදුව

No comments:

Post a Comment