Tuesday, August 8, 2017

නියාගම සමෘද්ධි කැකුළු ළමා සමාජ ප්‍රාදේශීය තරග

   නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් සංවිධානය කරනු ලැබූ සමෘද්ධි කැකුළු ළමා සමාජ ප්‍රාදේශීය තරග පසුගියදා ගා/පෝද්දිවල මහා විද්‍යාලයේදී පැවැත්වුණි. මූලික වශයෙන් නියාගම, මත්තක සහ පිටිගල කලාප වල කලාප තරග පවත්වා එ් ඒ වයස් සීමාවන් අනුව එම තරග වලින් පලමු ස්ථාන දිනාගත් තරග කරුවන් ප්‍රාදේශීය තරග සදහා ඉදිරිපත් කර තිබුණි. කථික, නිවේදක, චිත්‍ර, ගායන, නාට්‍ය ඇතුළු  තරග ගණනාවක් යටතේ තරග කරුවන් මේ සදහා ඉදිරිපත් වී තිබුණි. පාසල් ගුරුවරුන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්ෂේත්‍ර නිළධාරීන්ගේ  සහයෝගය තරග විනිශ්චය කටයුතු සදහා නොඅඩුව ලැබී තිබුණි. නියාගම ප්‍රාදේශීය මහ ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සමෘද්ධි බැංකු සමිති කළමණාකාර එම්.කේ. සුමිත් කිත්සිරි මහතා සහ මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මියගේ අධික්ෂණය යටතේ නියාගම සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතා මෙම තරග සංවිධානය කර තිබුණි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment