Monday, August 7, 2017

රැකියා විරහිතයින් සොයා ශ්‍රි ලංකා රැකියා බැංකුව මැදිරිගිරියට


   2009 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රි ලංකා රැකියා බැංකුව මේ වන විට අභියෝග ජයගෙන ඉදිරියට ඇදෙන අතර අවුරුදු 16ට වැඩි නිවෙස් වල නිකරුනේ කාලය ගෙවන සමස්ථ පිරිස් හදුනාගෙන ඔවුන් විවිධවූ රැකියාගත කිරිමේ 2017 වර්ෂයේ මැදිරිගිරිය දෙවන හා තෙවන වැඩසටහන අගෝස්තු මස 09 වන දින පැවැත්වේ. 

   එදත් අදත් සංවර්ධනය වන රටක් වන අප මාතෘ භූමිය තුල වයස අවුරුදු 25ක් වනතුරු දෙමව්පියන්ගේ තුරුලේ සෙවනැල්ලේ සුරතල්වී නිකරුණේ කාලය කා දමන විශාල පිරිසක් මේ වන විට සිටින බවත්, 2015 කරන ලද සමීක්ෂණයට අනුව රැකියා සදහා යොමුවීමේ මානසිකත්වය පාදක කරුණු 04ක් කෙරෙහි යොමුවී ඇති බවත්, එනම්,
පාසැල් අධ්‍යාපනයෙන් පසු විවිධවූ පාඨමාලා කීපයක් හැදෑරීම
රාජ්‍ය සේවයේ මානසිකත්වය 
ප්‍රදේශයේ රැකියා මානසිකත්වය සහ ආදර සම්බන්ධතා තුල රදා පවතින බව                          
 දැනුවත් කරන ලද්දේ ශ්‍රී ලංකා රැකියා බැංකුවේ ව්‍යාපෘති කලමණාකරු බිමල් ප්‍රසාද් උඩුගම මහතා විසිනි. එතුමා මේ පිලිබදව කියා සිටියේ මණ්ඩලගිරිය හා දියසෙන්පුර කලාපවල කේෂ්ත්‍ර නිලධාරීන් දැනුවත් කරමිනි. මෙතෙක් ශ්‍රි ලංකා රැකියා බැංකුව සදහා සහයෝගය ලබාදුන් සියළු සමෘද්ධි නිලධාරින් සේවා ඇගයීමක්ද මෙදින කල අතර මෙම අවස්ථාවට මණ්ඩලගිරිය දියසෙන්පුර කලාප කලමණාකාර මහත්ම මහත්මීන් සහ සියළුම කේෂ්ත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී වන ලදි.

   රැකියා ගැන්වීමේ සමුමුඛ පරික්ෂණය 2017.08.09 දින පෙරවරු 09.00 ට මණ්ඩලගිරිය හා පස්වරු 02.00 ට දියසෙන්පුර සමෘද්ධි බැංකු පරිශ්‍රය අසලදී පැවැත්වේ.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment