Wednesday, August 2, 2017

සමෘද්ධි හරිත ගම්මාන වැඩ සටහන මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම් තුමාගේ නිරීක්ෂණයට


    සමෘද්ධි වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත හරිත ගම්මාන වැඩ සටහනේ මූලික කටයුතු 2017-08-01 වන දින ආරම්භ විය. එම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට තෝරා ගත් නියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගා/පෝද්දිවල මහා විද්‍යාලයේ අදාල භුමි⁣ය පැල සිටුවීමට යෝග්‍ය තත්වයට පත් කිරීම මෙහි අරමුණ විය. එහි මූලික කටයුතු නිරීක්ෂන කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මැතිතුමා එදින එම ස්ථානයට පැමිණි අතර සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතා මෙම කටයුතු සංවිධානය කර තිබුණි.

     ස්කැවේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් වල්බිහි වී තිබූ එම භූමිය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර කෙරින. මෙම වැඩ සටහන සදහා යොදා ගන්නා භූමි ප්‍රමාණය නිරීක්ෂණය කල ප්‍රාදේශීය ලේකම් තුමා සිදු කල යුතු කාර්යයන් පිළිබදව උපදෙස් ලබා දුනි. මෙම භූමිය පිලිසකර කටයුතු අවසන් වූ වහාම මෙම වැඩ සටහන ආරම්භ කරන බව සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මහතා පැවසීය. සමෘද්ධි කළමණාකාර අධ්‍යක්ෂ එම්.කේ. සුමිත් කිත්සිරි මහතාගේ ද සහයෝගය මේ සදහා නොඅඩුව ලැබී තිබුණු අතර පාසලේ ගුරුවරුන් කීප දෙනෙකුද මේ අවස්ථාවට සම්බන් ද වී සිටියහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment