Thursday, January 10, 2019

මැදිරිගිරියේ කාර්යක්ෂම සේවයට නිලසෙවන ගමට


   ග්‍රාමීය ජනතාවට සේවය කිරිමේදී  කේෂ්ත්‍ර රාජ්‍ය නිලධාරින්  ගමේ විවිධ වූ ස්ථාන වලහිද තම සේවාවන් ඉටු කිරිමේදී සේවාලාභියා සේවාවන් කිපයක් එකවර ඉටුකර ගැනීමට පැමිණිමේදී ඔවුන් විවිධ ගැටළු වලට මුහුණ පෑම අවම කිරීමේ උදාරතර සංකල්පයකට අනුව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නිල සෙවන නමින් ඒකාබද්ධ කේෂ්ත්‍ර රාජ්‍ය සේවා කාර්යාල සෑම ග්‍රාම නිළධාරී වසමකම ඉදිකිරිමට සැලසුම්කර මේවන විට මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල නිල සෙවන කාර්යාල 31ක් ඉදි වෙන බවත්, මෙම නිල සෙවන වැඩසටහන පොළොන්නරුව  දිස්ත්‍රික් ලේකම් තුමාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම මත සිදුවෙන බව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් සි.එම්.කරුණාරත්න මෙනවිය පසුගිය .... දා කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති නිල සෙවන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ප්‍රකාශ කරන ලදි.

   වැඩිදුරටත් සදහන් කරමින් එතුමිය කියා සිටියේ ශ්‍රමදායකත්වය හා කොන්ත්‍රාත් පදනම මත මෙම ඉදිකිරිම් සිදුවෙන අතර මෙම මස අවසානසේදී අතිගරු ජනාධිපති තුමාගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට නියමිත බැවින් සියළු කාර්යාල වල වැඩ නිම කලයුතු බවයි.

  ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී,ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘ.ප,නි.සහකාර නිලධාරී මහත්ම මහත්මීන්ගේ ඒකාබද්ධ සහයෝගයෙන් මෙම නිලසෙවන වැඩ කටයුතු සිදුවෙන අතර එම නිලධාරින්ද මෙම ප්‍රගති සමාලෝචනය සදහා සහභාගීවි සිටින ලදි. 

වජිරා දිසානායක 
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

No comments:

Post a Comment