Monday, October 23, 2017

රටේ අනාගතය වර්තමාන ළමා පරපුරයි


  “ ටේ අනාගතය වර්තමාන අපේ ළමා පරපුරයි ”  ළමා සමාජ තුලින් සංවේදි, නිර්මාණශිළි, කුසලතාවලින් පිරිපුන් නැණවත්, ගුණවත් දරු පරපුරක් බිහිකිරිම තුලින් රටේ ආර්ථික හා අධ්‍යාත්මික සංවර්ධනය ඉහල දැමිය හැකියි ” පසු ගිය දා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවති සමෘද්ධි කැකුඑ ළමා සමාජ ප්‍රතිසංවිධානය කිරිමේ වැඩ මුඑවට සහභාගි වු  ගාලු දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතාණගේ මහත්මිය එසේ පැවසීය.  

  ඉමදුව සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් සංවිධානය කර තිබු මෙම වැඩමුඑව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර කොට්ඨාශයේ සියලුම සමෘද්ධි කළමණාකරුවන්, ක්ෂ්‍රේත්‍ර සහකාරවරුන්  සහ සියලුම වසම්භාර  සමෘද්ධි නිලධාරින් වෙනුවෙන් එම වැඩ සටහන සංවිධානය කර තිබුනි. 

   ළමා සමාජයක අරමුණු, ළමයින්ගේ භුමිකාව, සක්‍රියව හා සාර්ථකව ළමා සමාජයක් වසම තුල පවත්වා ගෙන යන්නේ කෙසේද පිළිබදව ප්‍රායොගිකව හා සෞන්දර්යාත්මකව සතුට හා විනෝද ක්‍රීඩා රැසක් සමගින් දවස පුරා මෙම වැඩමුඑව  දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමණාකරු ප්‍රියන්ත කුමාර කාරියවසම් මහතා සහ දිස්ත්‍රික් සමාජ සංවර්ධන සහකාර ප්‍රභාත් සුරංජිත් මහත්මා විසින් ඉතා සාර්ථකව විවාදාත්මකව වැඩසටහන මෙහෙය වන ලද අතර, මෙම වැඩමුඑව සදහා ඉමදුව සහකාර ප්‍රාදේශිය ලේකම් සුලනි සුලෝචනා මහත්මිය, සමෘද්ධි මුලස්ථාන කලමණාකරු, මහ සංගම් කලමණාකාර අධ්‍යක්ෂ සහ සමාජ සංවර්ධන සහකාර යන මහත්ම මහත්මීන් සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment