Friday, October 27, 2017

දරුවන් වෙනුවෙන් රසවින්දනාත්මක වැඩසටහනක්


   හෙට පරිපුර්ණ පුරවැසියෙකු බිහි කිරිම උදෙසා අද ළමා ලොව ගොඩ නගමු .යන උදාර පරමාර්ථය අරමුණු කර ගනිමින් දරුවන් වෙනුවෙන් රසවින්දනාත්මක වැඩසටහනක් අක්මීමන මැටරඹ සමෘද්ධි කලාපයේ කළමණාකරු දයාරත්න උඩුකල මහත්මා හා කලාපයේ සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලදි . 

   පසුගිය ඹක්තෝම්බර් 18 වෙනි දින යටගල රජමහා විහාර ධර්ම ශාලාවේදි පවත්වන ලද මෙම වැඩසටහන සදහා වැඩම කල ශාස්ත්‍රාවාර්ය කෙහෙල්චල සුමංගල හිමියන් විසින් දරුවන් වෙනුවෙන් විශේෂ අනුශාසනාවක් පවත්වන ලදි. සමෘද්ධි කැකුළු ළමා සමාජ දරුවන් ගෙන් සැදුම්ලත් සංගිත කන්ඩායම වාදනය සැපයූ අතර ළමා සමාජ ඳු දරුවන් මවි පිය ගුණ ගි සහ දේශාභිමානී ගි ගායනා කලෝය. 

   සරල සුගම සංවෙිදිතාවය පිලිබඳ මැනවින් කරැනු පහදමින් විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති සුනිල් ජයචර්ධන මහත්මා රසාලිප්ත වදනින් දරුවන් ගේ හදවතට ආදරයෙන් අමතමින් සිය දේශනය කිරිම විශේෂත්වයකි. මුලස්ථාන කළමණාකරු ටි.ජි.කේ. නන්දනි, කළමණාකාර අධ්‍යක්ෂ නිමල් වික්‍රමසිංහ, සමාජ සංවර්ධන කළමණාකරු පි.එච්. ශ්‍රියාලතා, සමාජ සංවර්ධන සහකාර රංජිත් මුදලිගේ යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට සහභාගි චුහ.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

No comments:

Post a Comment