Thursday, November 30, 2017

නිලධාරීන්ට ගිණුම්කරණ පුහුණුව


  ඩු ආදායම්ලාභින් මෙන්ම සමස්ථ ග්‍රාමීය ප්‍රජාවගෙන් බොහෝ පිරිසක් අද වන විට විවිධවු ආයතන පුද්ගලයින් හා බද්ධව දරාගත නොහැකි පොළියකට විවිධවූ අවශ්‍යතා වෙනුවෙන් ණය ලබාගෙන ඇති අතර මේ වන විට  ණය මුදල පමණක් නොව අධිකවු පොළියද ගෙවිමට නොහැකිව බොහෝ පිරිස් අසරණ තත්වයට පත්වී ඇත.

  2013 අංක 01 දරණ සමෘද්ධි පනත සම්මත වීමත් සමග එහි අඩංගු මූලික කරුණු අතර සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සේවකයා සහ එම පවුල් වල සාමාජිකයින් සහ රාජ්‍ය සේවකයා හැර අනෙකුත් පවුල් වල සාමාජිකයින් ඒකරාශීකර ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරිමෙහිලා, තනි පුද්ගල, පවුල, කණ්ඩායම හා ප්‍රජාව ප්‍රමුඛව දිළිදුකම පිටුදැකීම හා සමාජ සාධාරනත්වය තහවුරු කිරිම මූලික පරමාර්ථයෙන් 2017 මාර්තු මස 07 වෙනි දින අති විශේෂ ගැසට්පත්‍රය අනුව පිහිටවනු ලැබූ සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන 2018 වර්ෂයේ ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය මූලික ගිණුම්කරණ පුහුණු වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික් සියළුම කලමණාකාර මහත්ම මහත්මීන් හා සියළුම කේෂ්ත්‍ර සමෘද්ධි සංවර්ධන  නිලධාරී මහත්ම මහත්මීන් සදහා පැවැත්වෙන අතර එහි එක් අවස්ථාවක් 2017.11.28 දින ඇලහැර, හිගුරක්ගොඩ හා මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සදහා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතාගේ මග පෙන්වීම මත  තමන්කඩුව ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

   සමෘද්ධි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගිණුම් හා ප්‍රජා සංවිධාන අංශය විසින් සංවිධානය කරතිබූ මෙම පුහුණු වැඩසටහන චන්දිමා රාජපක්ෂ කලමණාකාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර, පුහුණු සම්පත්දායක කළමණාකාර මහත්ම මහත්මීන් වශයෙන්  බි.ධර්මණායක මහතා,ඩි.එම්. දැල්පිටිය මහතා සහ ඩබ්.පි.ඩි. ප්‍රියංගනි මහත්මිය මනා පුහුණුවක් ලබාදෙන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment