Tuesday, December 19, 2017

සමෘද්ධි අභිමානි 2017 තෙවන තැන ඉමදුවට

    මෘද්ධි අභිමානි 2017 උදුවප් දැක්ම දිස්ත්‍රික් වෙළද ප්‍රදර්ශණය  2017 .12. 14 සහ 15 යන දෙදින තුල ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතාණගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ක්‍රිඩා මංඩප පරිශ්‍රයේදි පැවැත්විනි.

    දිස්ත්‍රික් සමෘද්ධි වැඩ සටහන හා සම්බන්ධ සමෘද්ධි ව්‍යාකපාරික සංගම් වල ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සහ සේවා වලට ඇති අලෙවි අවස්ථා පුළුල් කරමින් වෙළද පොළ වර්ධනය කරවීම මෙන්ම එම නිෂ්පාදන හා සේවා දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ප්‍රචලිත කිරිමේ අරමු‍නෙන් මෙම වෙළද ප්‍රදර්ශණය වාර්ෂිකව පවත්වනු ලැබේ. 


   ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 19 තුල විසිරි සිටින සමෘද්ධි ව්‍යාපාරික සංගම් වල විවිධ වු ස්වයංරැකියා වල නියුක්ත විශාල පිරිසක් මෙම ප්‍රදර්ශණය සදහා සහභාගි වු අතර දිස්ත්‍රික්කයේ තෙවන හොදම වෙළද කුටිය වෙනුවෙන්  සම්මාන ලබන්නට ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සමත් විය. එසේම හොදම ව්‍යවසායකයින් දසදෙනා අතර අටවන ස්ථානය ලබා ගන්නට  ද ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ඉදිරිපත් වු මීපගේ දම්මිකා මහත්මිය සමත්විය.

   ජයග්‍රහකයින්ට සහතික පත් ප්‍රධානය එදින සවස අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙළද ප්‍රදර්ශණ පරිශ්‍රයේදි පැවැති අතර  දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාවි විය. ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි කාන්ති මහත්මියගේ උපදෙස් හා මගපෙන්විම් යටතේ ව්‍යාපෘති කලමණාකරු ඉසුරු කළුආරච්චි මහතා ඉමදුව සමෘද්ධි ව්‍යවසායකයින් මේ සදහා සහභාගි කරන ලදි. 

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment