Friday, December 15, 2017

පුුංචි පැටවුන්ට පාසල් උපකරණ


   ල්පිටිය ගනේගොඩ බැංකු කළමණාකරු අනුර ලිලානන්ද මහත්මාගේ හා මැටිවිලිය වසම භාර සමෘද්ධ් සංවර්ධන නිලධාරි නන්දන කුසුම්සිරි මහත්මාගේ අදහසකට අනුව ප්‍රාදේශවාසි පරිත්‍යාගශීලී ජනතානගේ උදවු උපකාර සමගින් පසුගියදා ඇතිවු ගංවතුර උවදුරින් පාසල් උපකරණවලට හානිවු දරුවන් වෙනුනෙක් පාසල් උපකරන ලබා දීමේ වැඩසටහනක් පසුගිය 14 වන දින මැටිවිලිය විහාරස්ථානයේදී ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් විමල් සිසිර කුමාර මැතිතුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

  මෙහිදී අදහස් දක්වු ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම්තුමා මෙවන් කටයුතු ගංවතුරින් යටවු ප්‍රදේශ වල ක්‍රියාවට නැන්වීමේ වැදගත් කම පෙන්වා දුන් අතර සමෘද්ධි වැඩසටහන මගින් දුප්පත් ග්‍රාමිය ජනතාවට කරන්නා වු අමිල මෙහෙවර ගැන සිය සතුට හා සුභාශිංෂන එක් කලේය. තව දුරටත් අදහස් දක්වමින් තමන්ද සිය පාසල් ජීවිතයේ මෙතරම් දුර පැමිණියේ මෙවන් රජයේ අධාර වැඩසටහන් සමගින් බවත් ජනසවිය, සමුපකාරය හා සමෘද්ධියට තවමත් ආදරය කරන බවද පැවසීය. උදාවන නත්තල හා 2018 නව වර්ෂයටද සුභ පැතුම් එක් කිරිමට ලේකම්තුමා අමතක නොකලේය.

  මෙම අවස්ථාවේදී ගනේගොඩ බැංකු කලාපයේ සියලූ ගම්මාන සමිති සභාපතිවරුන් වෙත සිය ප්‍රජාමුල සංවිධානය ලියාපදිංචි කිරිමේ සහතික පත් පිරිනැමීම හා පාසල් උපකරක පිරිනැමීම පැමිණ සිටි ආරාධිත අමුත්තන් සුරතින් සිදුවිය.

  මෙම අවස්ථාව සදහා මුලස්ථාන කළමණාකරු තේජා දමයන්ති, මහ සංගම් කළමණාකරු ප්‍රේමිකා මල්කාන්ති, සියලූ වසම් නියේජනය කරමින් සංවර්ධන නිලධාරින් හා සභාපතිවරු, ග්‍රාම නිලධාරි, කෘෂි කර්ම පර්යේෂණ නිලධාරී හා ගමිවාසී විශාල පිරිසක් එක්විණි.

ප්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment