Wednesday, December 13, 2017

ආපදා කළමනාකරණ පුහුණුව කරන්දෙනියට


   ශ්‍රී ලාංකික ප්‍රජාව මෑත ඉතිහාසයේ 1983 වසරේ සිට විවිධ ආපදාවන් අත්දුටු ජාතියකි. මෙම ආපදාවන් අතර උතුරු නැගෙනහිර ප්‍රදේශ පදනම් කරගත් වාර්ගික ගැටළුව හරහා පැනනැගී යුද්ධය මෙන්ම අපට මුහුණදීමට සිදුවූ ඉතාම සුවිශේෂී ස්වාභාවික ආපදාව වූ සුනාමි ව්‍යසනයද විය. මීට අමතරව නායයාම්, පස්කදු කඩාවැටීම්, සැඩ සුලං, ඉඩෝරය, ගිනිගැනීම්, විදුලිසැර වැදීම් වැනි ආපදාවන්ද විය. 

   ආපදා අවස්ථාවට සැලසුම් සහගතව පෙර සූදානම්ව මුහුණ දෙන්නට හැකියාව තිබෙන පිරිසක් වෙත ආපදා තත්ත්වයන් පෙර හදුනාගෙන සංවිධානය වීමට අවශ්‍යය දැනුම ලබාදී දැනටමත් ගමේ වැඩිවශයෙන් ස්ථාවර මහජන සම්බන්ධතාවක් සහිත නිලධාරියෙකු ලෙස සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත වැඩි වගකීම් පැවරෙන පරිදි ග්‍රාමනිළධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂි පර්යේෂණ නිලධාරී ඇතුළු නිලධාරීන් සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ ග්‍රාමීය කමිටු පිහිටුවා ගැනීම පිලිබඳ ක්‍රියාකාරකම් සහිතව පුහුණු වැඩසටහන සැලසුම් කොට තිබිණ. 


මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලෙකම් අයි.එස්. සමරකෝන් මහතා සමග ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ කර්නල් ගම්පත් රත්නායක මහතා ඇතුළු කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සේවය කරන සියළුම ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

No comments:

Post a Comment