සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන විවිධ වු අංශ යටතේ සමෘද්ධි ප්‍රතිලාභින්ට සේවා සහ මුල්‍ය පහසුකම් සලසමින් ලබා දෙන සේවය අතිමහත්. විවිධ වු ව්‍යාපාර ස්වයංරැකියා ආරම්භ කර ආර්ථික ශක්තිය ගොඩනගා ගැනිම සදහා වෙර දරණ පුද්ගලයින්ට මෙමගින් ලැබෙන දායකත්වය සුළුපටු නොවේ.
එම ජීවනෝපාය සංවර්ධන වැඩ සටහනේ සත්ව පාලන අංශය හරහා කුකුළු පැටව් සහ එළ ගවයින් බෙදාදීමේ වැඩ පිලිවෙලක් ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි කාන්ති මහත්මියගේ මුලිකත්වයෙන් පසුගිය දා කාර්යාල භූමියේදි සිදුවිය. අඩු අදායම්ලාභි පවුල් වල සත්වපාලන කටයුතු වල නිරත වෙන පුද්ගලයින් හා සත්වපාලන කටයුතු සදහා උනන්දුවක් දක්වන පුද්ගලයින් වසම් මට්ටමෙන් මේ සදහා තෝරා ගත් බවත් සත්ව පාලනය පිලිබද මූලික දැණුම හා අවබෝධය ලබා දීම සදහා ඉමදුව පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෙද්‍ය නිලධාරිතුමියගේ සහය ලබාගත් බවත් ව්‍යාපෘති කළමණාකරු ඉසුරු කළුආරච්චි මහතා ගමන සමග පැවසුවේය. මෙම සත්වපාලන ව්‍යාපෘති සදහා සමෘද්ධි ප්‍රතිපාදන ලෙස රුපියල් තුන්ලක්ෂ දහදාහක් ලබාදී ඇත. ඉන් එක් ප්‍රතිලාභියකුට හිමිවන උපරිම මුදල රුපියල් හතලිස් පන් දහසක් වන අතර ඉතිරි මුදල් ප්‍රතිලාභීන් විසින් සපයා ගතයුතු වේ. මුලස්ථාන කලමණාකරු, ව්‍යාපෘති සහකාර ඇතුළු සංවර්ධන නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව
No comments:
Post a Comment