Sunday, March 18, 2018

සමෘද්ධි ප්‍රතිලාභීන්ට උපහාර


   බරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කතලුව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ සවිබල ගැන්වූ පවුල් 2 ක සහනාධාර පත් පසුගියදා නැවතත් රජයට භාරදුනි. එවැනි ආදර්ශ දිරිය මිනිසුන් අැගයීමට පසුගිය දා (16) කතලුව නැගෙනහිර සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් සිදුකරන ලදි. එම සහනාධාරයන් භාරදුන් සමෘද්ධිලාභීන් වන එල්.එච්.ඩබ්. අනුලාවතී මිය හා එම්.බී. කුසුමලතා යන මහත්මීන්ට හා පසුගිය වසර පුරාවට සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ තනතුරු දරමින් එම සංවිධානය ඉදිරි මග කරා ගෙන ඒමේ මහගු කර්යයට උරදුන් නිලධාරීන් අැගයීමට හා ඔවුන්ට උපහාර පුදදීම සිදුකරන ලදි.
          
  මෙම අවස්ථාව සඳහා හබරාදූව ප්‍රාදේශීය ලේකම් තරංගා වික්‍රමරත්න මහත්මිය, මූලස්ථාන කලමණාකාර මොහාන් චිත්‍රලාල් මහතා, ව්‍යාපෘති කලමණාකාර එම්.කේ. ජයන්ත මහතා, සංවර්ධන නිලධාරීන් වන එම්. වික්‍රමසිංහ මහතා හා කුමාරි රාජපක්ෂ මිය, කොග්ගල සමෘද්ධි බැංකු කලමණාකාරු ජී.එච්. මල්කාන්ති මිය අැතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර මෙම මහත් වූ සමාජ සත්කාරක  ක්‍රියාව එම වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී එල්.ජී. සිරිල් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ කතලුව නැගෙනහිර සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් සංවිධානය කර තිබුණි.

ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

No comments:

Post a Comment