Wednesday, April 18, 2018

රටපුරා සමෘද්ධි අවුරුදු උත්සව 1074 එකම දිනයේ දී


   ශ්‍රී ලංකා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරණු ලබන අළුත් අවුරුදු උත්සව මාලාවේ 2018 සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් " සමෘද්ධි බක්මහ උළෙල " මෙම මස 22 ඉරුදින රටපුරා සමෘද්ධි ප්‍රජාමූල බැංකු පදනම් කොට පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කොට ඇත.

     දෙපාර්තමේන්තුවේ බැංකු මූල්‍ය අංශය සහ සමාජ සංවර්ධන අංශය ඒකාබද්ධව සිදු කෙරෙන මෙම වැඩසටහන සදහා එක් අවුරුදු උත්සවයක් වෙනුවෙන් රුපියල් පනස්දහසක මුදලක් බැංකු මූල්‍ය අංශය විසින් යොදවන අතර සමෘද්ධි කාර්යමණ්ඩල සහ බැංකු පාලක මණ්ඩල සභිකයින් සිය ශක්තීන් සහ සම්බන්ධිත දායකත්වයන් විවිධ අයුරින් ලබාගෙන සියළුම අවුරුදු උත්සව ඉහළින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රධාන රාජ්‍ය සහ රාජ්‍ය නොවන නිලධාරීන් මෙන්ම උනන්දුවක් දක්වන සියළුම දෙනා මේ සදහා නොමසුරුව සහය වන බවත් වාර්තා වෙයි.

    සිරිත් පරිදි මෙවරත් මෙම අවුරුදු උත්සව වැඩසටහනට සමගාමීව සමෘද්ධි බැංකු ගණුදෙනු කරුවන් වෙනුවෙන් අළුත් අවුරුදු ගණුදෙනු වැඩසටහන් අප්‍රේල් මස 16 දින සිට 25 දින දක්වා රටපුරා වසම් භාර සමෘද්ධි නිළධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය මත ගම්මාන මට්ටමෙන් ප්‍රජාමූල සංවිධාන නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදුවන අතර මෙම කාලයේදී සමෘද්ධි බැංකුව සමග ගණුදෙනු කරන සියළුම දෙනාට වටිනා තිලිණයක් ලබාදීමට කටයුතු යොදා ඇත.

    එමෙන්ම අවුරුදු වැඩසටහනේ ප්‍රශස්තතා දක්වන සමිති නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇගයීමට ලක්කිරීම සදහාද වාර්ෂිකව කටයුතු කරන බවද මෙහිදී විශේෂයෙන් සදහන් කල යුතුය.

එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment