Sunday, April 22, 2018

පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අලවි ප්‍රදර්ශනය ආනමඩුවේදී..........


  මෘද්ධි ලාභීන්ගේ ආර්ථික තත්ත්වය දියුනු කිරීම හා ඔවුන්ගේ නිෂ්පාදන වෙළද පලට හදුන්වා දීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා සමෘද්ධි දෙපාර්තුමේන්තුව විසින් රටපුරා වාර්ෂිකව සංවිධානය කරණු ලබන සමෘද්ධි සෞභාග්‍යා අලවි ප්‍රදර්ශණයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රදර්ශණය ඉකුත් 08,09,10 යන තෙදින පුරා ආනමඩුව පොල භූමියේ දී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

   පුත්තලම දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල ක්‍රියාත්මක සමෘද්ධි ප්‍රාදේශීය ව්‍යාපාර සංගම් වල මැදිහත්වීමෙන් පාරිභෝගිකයා තෘප්තිමත් වන ආකාරයෙන් අඩුමිලක් යටතේ භාන්ඩ ලබා දීමට මෙහිදි කටයුතු කර තිබිනි. විශේෂයෙන්ම උත්සව සමයට ගැලපෙන පරිදි  විසිතුරු මල් වර්ග  සැරසිලි වර්ග ඇද ඇතිරිලි , දොර ජනෙල් තිර ‍රෙදි  වැනි නිවාස අලංකරණයට අවශ්‍ය ද්‍රව්‍ය ද  නොයෙකුත් පැකට්කල කුළු බඩු වර්ග ගෘහ භාන්ඩ  හා එදිනෙදා පාරිභෝජනයට අවශ්‍ය භාන්ඩ එකම ස්ථානයකදී මිලදී ගැනීමට මෙහිදී පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබිණි
   
  පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එන්.චිත්‍රානන්ද මහතාගේ හා වයඹ පළාත් සභාවේ සභා නායක චින්තක අමල් මායාදුන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශණයේ සමාරම්භය සනිටුහන් වු අතර පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතා ,ආනමඩුව ප්‍රාදේශීය ලේකම් තුමිය හා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිතුමන්ද  දිස්ත්‍රික්කයේ සියළුම සමෘද්ධි කලමණානරුවන් හා සංවර්ධන නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment