Tuesday, April 3, 2018

2018 කරන්දෙණිය සම්මේලනය


  කරන්දෙණිය සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ 2018 වාර්ෂික සම්මේලනය බැංකු සමිති ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු 03ට අයත් ග්‍රාම නිලධාරී වසම් 40ක ප්‍රජාමූල සංවිධාන 65ක සමෘද්ධි බැංකු කොටස් හිමියන් අතරින් තෝරාගත් බැංකු පාලක මණ්ඩල සභිකයින් 45ක් දෙනෙකු අතරින් 2018 වසර සදහා විධායක සභාව තෝරා ගැනීම මෙහිදී සිදුවිය.

  සමෘද්ධි වැඩසටහනට නව ඇගැයීම් ක්‍රමවේදයක් හදුන්වා දෙමින් 2017 වසරේ ක්‍රියාත්මක වූ විධායක කමිටුවේ කටයුතු සදහා එම සභිකයින්ගේ කැපවීම ඇගයීම ඇතුළුව ,වසම් මට්ටමෙන් ඉතුරුම් ප්‍රවර්ධනය, දුම්වැටි විරෝධී කොඩිදින වැඩසටහන් ප්‍රගතිය සහ සමෘද්ධි කැකුළු  ළමා සමාජ වැඩසටහනට ලබාදුන් දායකත්වය පදනම් කොට විධායක සභිකයින් සහ සමෘද්ධි නිලධාරීන් ඇගැයීම මෙහිදී සිදුවිය.

   වර්තමානයේ ක්‍රියාත්මක සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන් පිළිබඳව පිරිස දැනුවත් කිරීමටද මෙහිදී කටයුතු කල අතර බැංකු මට්ටමෙන් මූල්‍ය විශ්ලේෂණයක් සහිත ප්‍රගති වාර්තාවක් 2017 වසරේ තොරතුරු ඇසුරින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. ඉදිරි වසරවලදී ක්‍රමයෙන් බොල් ණය සහ කල්පසු ණය තත්ත්වයන් පාලනය කිරීම තුළින් මූල්‍ය විනයක් සහ ලාභදායක තත්ත්වයක් බැංකු 3 සහ බැංකු සමිතිය ආශ්‍රිතව අත්පත් කරගැනීමට අදි්ෂ්ඨාණශීලීව කටයුතු කරන ලෙස බැංකු සමිති කළමනාකාරිණී ශිරෝමිමාලා මහත්මිය අදහස් දක්වමින් මෙහිදී පැවසීය.

   සමෘද්ධි වැඩසටහනේ වගකීම නිවැරදිව තේරුම් ගෙන දුප්පත්කම ප්‍රජාවගේ උරුමය නොව කරුමය බව අවබෝධ කොට ගෙන තම වගකීම නිවැරදිව ඉටුකර තවදුරටත් සහනාධාර ලැබිය යුතු ජනතාව වෙත අවස්ථාව ලබාදීමට ක්‍රියාකිරීම සමෘද්ධි නිලධාරීන්ගේ යුතුකම බවත් අදදින පත්වූ විධායක සභිකයින් ඇතුළු සියලුම ගම්මාන සමිති නිලධාරීන් ඒ සදහා තම සහය ලබාදීමට ක්‍රියාකිරීම සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන සතු යුතුකම බවත් ප්‍රාදේශීය ලේකම් අයි.එස්. සමරකෝන් මහතා පැවසීය.


එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment