Tuesday, May 1, 2018

දෝතට තෑගිත් සමග සමෘද්ධි අවුරුදු උත්සව


  ශ්‍රී ලංකා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ බැංකු මූල්‍ය අංශය සහ සමාජ සංවර්ධන අංශය ඒකාබද්ධව වාර්ෂිකව රටපුරා පවත්වනු ලබන "සම්‍ෘද්ධි බක්මහ උළෙල" වැඩසටහන යටතේ ගාල්ල දිසාවේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවුරුදු උත්සව නරබා රසවත් වෙන්නට අපටත් අවස්ථාව ලැබුණා.

   රටපුරා සමෘද්ධි අලුත් අවුරුදු උත්සව 1074ක් පමණ පැවැත්වූ පසුගිය 22දා ඊට සමගාමීව කරන්දෙණිය කොට්ඨාශයේ අවුරුදු උත්සව 3ක් පැවැත්වුනා. ඒ ඌරගස්මන්හණ්දිය සමෘද්ධි කලාපයේ හිපන්කන්ද මහජන ක්‍රීඩාංගණය ,කරන්දෙණිය සමෘද්ධි කලාපයේ බොරකන්ද ටීඩී සමරවීර ක්‍රීඩාංගණය සහ මහඒදණ්ඩ සමෘද්ධි කලාපයේ ගුරුබැබිල මහජන ක්‍රීඩාංගණය යන ස්ථානවලදීය.

   මෙම අවස්ථාවන්ට ප්‍රාදේශීය ලේකම් අයි.එස්. සමරකෝන් මහතා ඇතුළු සමෘද්ධි අංශයේ සියළුම කළමනාකරුවන්, සමෘද්ධි නිලධාරීන් සහ ප්‍රජාමූල සංවිධාන නිලධාරීන් ඇතුළු විශාල පිරිස් සහභාගිවීම අපට නිරීක්ෂණය වුනා. මහඒදණ්ඩ කලාපයේ උත්සව කටයුතු සදහා තරුණ සේවා නිළධාරි සමග යෞවන සමාජ බලමණ්ඩලයේ නිලධාරීන් සහය වීම විශේෂයෙන් අගය කල යුතුය.

එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment