Monday, May 21, 2018

සමෘද්ධි දිරිය පියසින් පවුල් හතරකට හිසට සෙවන........


  දිළිදු ජනතාවට තමාගේම ශක්තියෙන්  නැගී සිටින්නට සැමදා අතහිත දෙන සමෘද්ධි ව්‍යාපාරයේ එක් අංගයක් වන සමෘද්ධි දිරිය පියස වැඩසටහනේ ආධාර මත සාදා නිමකල නිවාස හතරක්  එම නිවාස හිමියන්ට භාර දීම, පසුගියදා  පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මැතිනියගේ හා පුත්තලම දිස්ත්‍රක් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතාගේ අතින් සිදුවිය.

  2017 වසරේ දිරිය පියස වැඩසටහන යටතේ තෝරා  ගන්නා ලද මෙම පවුල් හතර පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාලවිය කළාපයේ ,මධ්‍යම අට්ටවිල්ලුව, රත්මල්යාය හා නෙළුම්වැව යන ග්‍රාම නිලධාරි වසම් වලට අයත්වේ.

  කොට්ඨාශය තුල කරන ලද සමීක්ෂන වලින් අනතුරුව ඉතාමත්ම දිළිදු තත්ත්වයේ පසුවන පවුල්     හතරක් මේ සදහා තෝරාගෙන තිබු අතර එයින් එක් නිවසක අයිතිකරු අබාදිත අයෙකි.

  පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජිවනී හේරත් මහත්මිය,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතා, දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමනාකරු එස්.ඒ‍. ජානක මහතා, මුලස්ථාන කළමනාකරු උපුල් නයනානන්ද මහතා,බැංකු සමිති කළමනාකරු ඩී,එම්.ධර්මවීර මහතා,කළාප කළමණාකරු ප්‍රියන්ත රණසිංහ මහතා සහ සමාජ සංවර්ධන සහකාර කුමාර ඉරුගල්බන්ඩාර මහතාද ,සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා ප්‍රදේශයේ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment