Monday, May 21, 2018

සමෘද්ධි සංවර්ධන සැලැස්ම එලිදකී

    2030දී දුප්පතුන් නැති රටක් බිහිකිරීම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කල දුප්පතුන් සවිබල ගැන්වීමේ ක්‍රියාකාරී සැලැස්ම හදුන්වාදීම රටපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් මේ දිනවල සිදුවෙමින් පවතියි.

   ඒ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි නිලධාරීන් සහ සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන නිලධාරීන් දැනුවත් කිරීමේ එක්දින වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩී.එස්. විතානගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

   සමෘද්ධි සහනාධාර ලබන නොලබන අඩු ආදායම්ලාභී සමස්ථ ප්‍රජාව ඇතුළත්ව වසමේ සියළුම දුප්පතුන් ආර්ථික, සමාජීය, දේශපාලනික ආදී වශයෙන් අංශ 8ක් ඔස්සේ සවිබල ගැන්වීම සදහා එම සියළු දෙනා වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ ශක්තීන්, දුර්වලතා ඔවුන් සතු අවස්ථාවන් සහ තර්ජන හදුනාගෙන ජීවනෝපාය සංවර්ධන සැලැස්මක් සකස් කොට ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් වසර 2030දී මෙම ඉලක්කය සපුරාලීමට වහාම ක්‍රියාත්මක වීමට උපදෙස් දෙමින් සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කිරීමක් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය විසින් කරන ලදි.

  සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව.ටී.ආර්. චන්දිමා මහත්මිය සහ මූලස්ථාන සමෘද්ධි කළමනාකරු තිලක් ගුණරත්න මහාතාද මෙහිදී අදහස් දක්වන ලදි.

එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment