Thursday, October 25, 2018

සමාජ සංවර්ධන වැඩ සටහනින් පාසැල් දරු දැරියන්ට පොත් පත්...........


  2017 වසරේ නිියාගම සමෘද්ධි සමාජ සංවර්ධන පදනම සංවිධානය කරන ලද දුම්වැටි විරෝධී කොඩි දිනයට සමගාමීව මාරග්ගොඩ සහ මානම්පිට ග්‍රාම නිළධාරී වසම් වල එම අරමුදල සදහා එකතුවූ මුදල්වලින් 90%ක මුදල් යොදවා එම කොට්ඨාශ දෙකේ අඩු ආදයම් ලාභී පවුල්වල සිසු දරු දැරියන් උදෙසා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩ සටහනක් පසුගියදා මානම්පිට රතනසාර මහා විද්‍යාලයේදී පැවැත්වුණි. 

   මාරග්ගොඩ සහ මානම්පිට සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන වලසහයෝගයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන ලදි.  පසුගිය වසරේද මෙම ප්‍රතිපාදන යොදා ගනිමින් පානීය ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට හැකිවූ බව පිළිගැනීමේ කතාව සිදු කරමින්වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී කුමාරී වනිගසේකර මහත්මිය ප්‍රකාශ කලාය. එසේම මෙවර රුපියල් හතලිස් දහසකට ආසන්න මුදලක් මෙම වැඩ සටහන සදහා වියදම් කල බවත් ඇය වැඩි දුරටත් සදහන් කලාය. ඒසදහා දායකත්වය ලබා දුන් සැමට විශේෂ ස්තුතියක් කිරීමටද ඇය අමතක නොකලාය. 

   ඇල්පිටිය ලමාරක්ෂක අධිකාරියේ නිලධාරී දුමින්ද යූ ගමගේ මහතා විසින් ලෝක ලමා දිනය නිමිති කරගනිමින් සිදු කල දේශණය කාගෙත් පැසසුමට ලක්විය. මෙම අවස්ථාව සදහා විදුහල්පති ගර්වින් සෙනෙවිරත්න මහතා, සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතා,මාරග්ගොඩ ග්‍රාම නිළධාරී ලහිරු ගුනවර්ධන මහතා, මානම්පිට ග්‍රාම නිලධාරී චාමිනි ලියනගේ මහත්මිය ,නියාගම සමෘද්ධි බැංකු කලමනාකාර එන්,ටී.චන්දුරත්න යන මහත්වරු ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment