Friday, October 19, 2018

ඉමදුව කැකුළු දරුවෝ පරිසර චාරිකාවක ..............


  “ හොඳම දේ දරුවන්ටයි ”  යන තේමාව යථාර්තයක් බවට පත් කරමින් දරුවන්ගේ දැනුම , ආකල්ප, කුසලතාවලින් පරිපූර්ණ ගුණ නුවණින් යුතු අභියෝග ජයගත හැකි දරුවන් රටට දායාද කිරිම  සමෘද්ධි කැකුළු ළමා සමාජ වැඩ සටහනේ මූලික අරමුණයි.

   එවන් දුවා දරුවන්ගේ දැණුම හා කුසලතා වර්ධනය කිරිමේ අරමුණින්  ලෝක ළමා දින සැමරුමට සමගාමිව අපූර්ව පරිසර චාරිකාවක් ඉමදුව සමෘද්ධි සමාජ සංවර්ධනය අංශය සංවිධානය කොට තිබුනා. ඒ ගාල්ල උනවටුන රූමස්සල පිහිටි සෙබා කෙත පරිසර මධ්‍යස්ථානය මූලික කරගෙනයි. ඓතිහාසික වටිනාකමින් යුතු රූමස්සල පරිසර පද්ධතිය පිලිබදවත්, පරිසර විනාශය සහ පරිසරය රැක ගැනිම, සුන්දර ගාළු කොටු පවුර පිලිබද විස්තර සහ නිවැරදි ආහාර රටා පිලිබද දේශණ සහ බාහිර ක්‍රියාකාරකම් සමගින් දැණුම හා අවබෝධය ලබාදීම සිදුවිය. 

   රූමස්සල සොබා කෙත පරිසර මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරි එන්.ඒ.ජයවර්ධන මහතා සහ ප්‍රාදේශිය පරිසර නිලධාරි එන්.කේ.ඒ.  මහතා දේශණවලින් දායකත්වය දරණ ලදි.  ඉමදුව ප්‍රාදේශිය මහ ලෙකම් ලක්ෂ්මි කාන්ති මැතිණියද මෙම වැඩ සටහන පුරාවටම දරුවන් සමග රැදි සිටි අතර සමෘද්ධි මහ සංගම් අධ්‍යක්ෂ කේ.එව්.වි. ලක්ෂමන් , සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර නිශාන්ත සුදුසිංහ , ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනි ගුණසේකර යන මහත්ම  මහත්මින් ඇතුළු ළමාසමාජ උපදේශකවරුන් මේ සදහා සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක ‍
ඉමදුව

No comments:

Post a Comment