අමා මහ නිවන් සුව ලැබේවා
Sunday, April 14, 2019
Wednesday, February 20, 2019
කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට තාක්ෂණික පුහුණුවක්
කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සදහා තාක්ෂණික පුහුණුව ලබාදීමේ වැඩ සටහනක් පසුගියදා පුත්තලම මනල්තිව් ග්‍රාමයේදී සංවිධානය කර තිබිණි. සමෘද්ධි බැංකුවෙන් ණය ලබාගෙන සත්ත්ව පාලනය හා කෘෂි කර්මාන්තයේ යෙදෙන ව්‍යාපෘතිකරුවන් 50 දෙනෙකු පමණ මේ සදහා සහභාගි විය.
බටහිර දෙසින් පුත්තලම කලපුවටත් උතුරු දෙසින් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම් වී ඇති මනල්තිව් ප්‍රදේශයේ ගම්වාසීන්ගෙන් බහුතරය සත්ත්ව පාලනය හා කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගෙන ජීවත් වෙති . එබැවින් කොම්පෝස්ට් පොහොර සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම හා ඒවා අලවිකර ගැනීම ඉතා පහසුවෙන් කරගත හැකිය.
මෙම ව්‍යාපෘතිය දියුනු කිරීමෙන් පසුව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා සිටින එලවළු ගොවීන්ට පොහොර අලවි කිරීමට අදහස් කර ඇති අතර එමගින් රසායනික පොහොර භාවිතය අවම කිරීමටත් වසවිස වලින් තොර ආහාර රටාවකට ජනතාව හුරු කිරීමටත් බලාපොරොත්තුවේ.
පුත්තලම ගොවිජන මධ්‍යස්ථානයේ කෘෂි උපදේසක නිලධාරින් මගින් මෙම පුහුණුව ලබාදුන් අතර පුත්තලම සමෘද්ධි බැංකු කලමණාකරු ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය හා මනල්තිව් වසම බාර සමෘද්ධි නිලධාරි එම්.පී,වි. බාලනාදන් මහතාද මෙම අවස්ථාවට එක්විය.
චින්තන රත්නායක
ගමන සන්නිවේදක
පුත්තලම
Monday, February 18, 2019
පොළොන්නරුව නිදහසේ අරුණළු මෙවරත් මැදිරිගිරියට
71 වෙනි නිදහස් දින පොළොන්නරුව දිස්ත්‍රික් නිදහසේ අරුණළු රාජ්‍ය උත්සවය පැවැත්වූයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් රාජකීය විද්‍යාලීය ක්‍රිඩා පිටියේදීය.
මෙවර මෙම උත්සවයට ප්‍රදර්ශණ රථ 60කට අධික ප්‍රමාණයක් සහභාගිව තිබූ අතර 70 වෙනි නිදහස් දින සමරුව මෙන්ම මෙවරත් ප්‍රථම ස්ථානය මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය ප්‍රදර්ශණ රථයට හිමිවූයේ ප්‍රාදේශිය ලේකම් සී.එම්.කරුණාරත්න මෙනවියගේ අපිරිතිහක කැපවීම තුල සියළු නිලධාරීන් කිසිදු බේදයකින් තොරව පොදු හා මාගේ යන හැගීමෙන් එකාමෙන් වැඩකිරිම තුලිනි.
එතුමිය මෙවරත් සමෘද්ධී ගමනට කියා සිටියේ මාගේ වැයම මා රජ වීමට හෝ තව කෙකු රජ කරවීමට නොව මාගේ සියළු නිළධාරින් කිසිදු බේදයකින් තොරව තම රාජකාරිය මෙන්ම විවිධ වූ ක්‍රියාකාරකම් තුලද සමගිව කටයුතු කිරිම දැකීමයි. ඒ තුල ජයග්‍රහණ ලබා ගැනිම එතරම් අමාරු කාර්යයක් නොවන බවයි.
ඩි.එමි.පි.කේ.දිසානායක
එම්.පි.ඩබ්.වජිරා දිසානායක
පොළොන්නරුව
Thursday, January 10, 2019
මැදිරිගිරියේ කාර්යක්ෂම සේවයට නිලසෙවන ගමට
ග්‍රාමීය ජනතාවට සේවය කිරිමේදී කේෂ්ත්‍ර රාජ්‍ය නිලධාරින් ගමේ විවිධ වූ ස්ථාන වලහිද තම සේවාවන් ඉටු කිරිමේදී සේවාලාභියා සේවාවන් කිපයක් එකවර ඉටුකර ගැනීමට පැමිණිමේදී ඔවුන් විවිධ ගැටළු වලට මුහුණ පෑම අවම කිරීමේ උදාරතර සංකල්පයකට අනුව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නිල සෙවන නමින් ඒකාබද්ධ කේෂ්ත්‍ර රාජ්‍ය සේවා කාර්යාල සෑම ග්‍රාම නිළධාරී වසමකම ඉදිකිරිමට සැලසුම්කර මේවන විට මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල නිල සෙවන කාර්යාල 31ක් ඉදි වෙන බවත්, මෙම නිල සෙවන වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් තුමාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම මත සිදුවෙන බව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් සි.එම්.කරුණාරත්න මෙනවිය පසුගිය .... දා කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති නිල සෙවන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ප්‍රකාශ කරන ලදි.
වැඩිදුරටත් සදහන් කරමින් එතුමිය කියා සිටියේ ශ්‍රමදායකත්වය හා කොන්ත්‍රාත් පදනම මත මෙම ඉදිකිරිම් සිදුවෙන අතර මෙම මස අවසානසේදී අතිගරු ජනාධිපති තුමාගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට නියමිත බැවින් සියළු කාර්යාල වල වැඩ නිම කලයුතු බවයි.
ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී,ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘ.ප,නි.සහකාර නිලධාරී මහත්ම මහත්මීන්ගේ ඒකාබද්ධ සහයෝගයෙන් මෙම නිලසෙවන වැඩ කටයුතු සිදුවෙන අතර එම නිලධාරින්ද මෙම ප්‍රගති සමාලෝචනය සදහා සහභාගීවි සිටින ලදි.
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය
සමෘද්ධි සවිබල ගන්වන්න මහවැලියෙන් ආධාර
සමෘද්ධි අඩු ආධායම්ලාභින් සවිබල ගැන්වීමේදී එක් ආයතනයකට පමණක් කල හැකි දෙයක් නොවන බවත්, සමෘද්ධිනේ අරමුණ වන ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන ප්රවේෂය මත පිහිටාගෙන ඒකාබද්ධ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන්ට ඉලක්ක ගත වැඩසටහනක් නිර්මාණය කරගත හැකිය.
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක සමෘද්ධි සංවර්ධන නිලධාරී ඩි.එම්.පි.කේ.දිසානායක මහතා මේ බව ප්‍රකාශ කලේ එම මහතා 97 වෙඩිකච්චිය ග්‍රාම නිලධාරී වසමේ සේවා කාලයේදී මහවැලි නේවාසික ව්‍යාපාර කලමණාකරු ප්‍රසන්න ජයතිලක මහතා සමග සාකච්ජා කර ලබාදී තිබූ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් වලින් පේරමඩුව අති දුෂ්කර ගම්මානයේ අඩු ආදායම්ලාභී පවුල් දෙකක් සදහා ධීවර කර්මාන්තය වෙනුවෙන් ඔරු දෙකක් ලබාදීම වෙනුවෙනි.
මහවැලිය 50% දායකත්වය මත මෙම ඔරු පේරමඩුව ගම්මානයේ ජයරත්න මහතාට සහ සරත්චන්ද්‍ර මහතාට ලබාදී තිබූ අතර ඉදිරියේද මෙම ගම්මාන වල අඩු ආදායම්ලාභි වැඩක් කල හැකි වැඩක් කරන නිකරුනේ කාලය ගත නොකරන පිරිස් වෙනුවෙන් ආධාර උපකාර කර ඔවුන්ගේ ශක්තීන් වර්ධනය කරමින් ආදායමද වර්ධනයට කටයුතු කරන බව නේවාසික ව්‍යාපාර කළමණාකරු ප්‍රසන්න ජයතිලක මහතා ප්‍රකාශ කරන ලදි.
වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය
Monday, January 7, 2019
පොළොන්නරුව උසස් පෙළ ප්‍රථමයා සමෘද්ධියෙන්
මෙවර මැදිරිගිරිය ජාතික පාසලින් 2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කළා අංශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පලමු වැනියා වීමට අකිලා ඉෂාණි දැරිය සමත් වි ඇත. මැදිරිගිරිය 86 ගජබාපුර ග්‍රාම නිළධාරී වසමේ පදිංචි ඇය අධ්‍යාපනයේ හිනිපෙත්තට නැගිමට කුඩා කල සිටම සිහින මවමින් සිටියේ තම දෙමව්පියන් විදින දුකත් අග හිගකමුත් හිසේ දරා ගෙනය. කතිකාචාර්ය වරියක වීමේ අභිලාෂය හිත තුල රදවාගෙන සිංහල, භූගෝල විද්‍යාව, බෞද්ධ ශිෂ්ඨාචාර්ය විෂයයන් හදාරා එම විෂයයන්ට ඇය A සමාර්ථ ලබාගෙන ඇත.
නිවසකට කොටුවී ඇති ඇය පවුලේ එකම දරුවාය. පියා හරි හැටි කුලී වැඩක් කර ගැනීමට නොහැකි එක් ඇසක් නොපෙනෙන අතර පවුලට තම මෑණියන්ගෙන්ද ශක්තියක් වි ඇත්තේ සදාදර මෑණියන්ද දෑතේ හයියෙන් කුලියට ගිය බැවිනි. රුපියල් 2500/=ක සමෘද්ධි හිමිකම් ලබන පවුලක් වන මෙම පවුල දරුවාගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් තම කුස හරිහැටි නොපුරවා ගත් අවස්ථා අනන්ත බව සමෘද්ධි ගමනට දැනගන්නට ලැබුණි. සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ලාභියෙක් වන ඉෂාණි දැරිය තමන්ට ලැබුණු ශීෂ්‍යත්ව මුදල් තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පමණක් යෙදවීමට වග බලා ගත්තේ ගමට පමණක් නොව රටටම ආදර්ශයක් දෙමිණි.
සමෘද්ධි ගමන මැදිරිගිරිය ප්‍රාදේශිය සංනිවේදක වසමේ සමෘද්ධි නිලධාරී වජිරා දිසානායක මහත්මිය ප්‍රකාශ කලේ මෙම දැරියගේ මෑණියන් පලමු වර ප්‍රතිඵල බලා දිස්ත්‍රික්කයෙන් පලමු වැනියා බැවින් අදහාගත නොහැකිව කීප වතාවක් බලා එය නිවැරදි කරගත් බවත් අගහිගකම් වැඩි බැවින් සරසවි වරම් සිහිනයක් වේදෝ කියායි. වැඩිදුරටත් වජිරා මහත්මිය සදහන් කලේ තමා ශ්‍රද්ධා ගුවන් විදුලිය සේවයේ ශ්‍රද්ධා සමාජ සත්කාරක වැඩසටහනට මේ දැරිය පිලිබදව දැනුම්දුන් බවත්, එම වැඩසටහන මගින්ද දැරියගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා උපකාර කිරිමට කැමැත්තෙන් සිටින බවයි.
සමෘද්ධි ගමනට අදහස් දක්වමින් මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සී.එම්.කරුණාරත්න මෙනවිය කියා සිටියේ මැදිරිගිරියෙන් මෙම ජයග්‍රහණය ලැබිම ඉතා සතුටු බවත්, අගහිගකම් ඉගෙනිමට බාදාවක් නොව උනන්දුව උත්සාහය කැපවීම හා කැප කිරීම තුලින් තම අභිප්රායන් මුදුන්පත් කර ගැනීමට හැකි බැවින් මෙම දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව සාර්ථක වේවායි යන්නයි.
සමෘද්ධි ගමනද ඉෂාණි දැරියගේ සියළු අභිමතාර්ථයන් සිතන අයුරින්ම ඉටු වේවායි සුභාෂිංශණය කරන්නෙමු.
ඩි.එම්.පි.කේ.දිසානායක,
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව.
Friday, January 4, 2019
උඩුදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පිරිත් සජජායනා මැද නව වසරේ වැඩ ආරම්භ කරම්න්
උඩුදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 2019 වර්ෂයේ වැඩ ආරම්භ කිරිම සෙත් පිරිත් සජජායනා මැද ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. මෙම අවස්ථාව සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් සහභාගි විය
ශානිකා දිපිකා කුමාරි
සමෘද්ධි ගමන සන්නිවේදක
යටිනුවර
ගණේගොඩ සමෘද්ධි බැංකුවේ අපි 2019ට අභිමානයෙන් වැඩකටයුතු ආරම්භ කරමින්.....
ආගම්ක වතාවත් වලට මුල් තැන දෙම්න් නව වසර අාරම්භ කරම්න්
පිනිකහන සමෘද්ධි බැංකුව 2019 වර්ෂයේ නව ගනුදෙනු ආරම්භ කිරිම ආගම්ක වතාවත් වලට මුල් තැන දෙමින් සිදු කල අයුරැ
Tuesday, January 1, 2019
සාමය සතුට සෞභාග්‍ය පිරි සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා
Subscribe to:
Posts (Atom)