Monday, January 7, 2019

පොළොන්නරුව උසස් පෙළ ප්‍රථමයා සමෘද්ධියෙන්

 
    මෙවර මැදිරිගිරිය ජාතික පාසලින් 2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කළා අංශයෙන්  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පලමු වැනියා වීමට අකිලා ඉෂාණි දැරිය සමත් වි ඇත. මැදිරිගිරිය 86 ගජබාපුර ග්‍රාම නිළධාරී වසමේ පදිංචි ඇය අධ්‍යාපනයේ හිනිපෙත්තට නැගිමට කුඩා කල සිටම සිහින මවමින් සිටියේ තම දෙමව්පියන් විදින දුකත් අග හිගකමුත් හිසේ දරා ගෙනය. කතිකාචාර්ය වරියක වීමේ අභිලාෂය හිත තුල රදවාගෙන සිංහල, භූගෝල විද්‍යාව, බෞද්ධ ශිෂ්ඨාචාර්ය විෂයයන් හදාරා එම විෂයයන්ට ඇය A සමාර්ථ ලබාගෙන ඇත. 
           
   නිවසකට කොටුවී ඇති ඇය පවුලේ එකම දරුවාය. පියා හරි හැටි කුලී වැඩක් කර ගැනීමට නොහැකි එක් ඇසක් නොපෙනෙන අතර පවුලට තම මෑණියන්ගෙන්ද ශක්තියක් වි ඇත්තේ සදාදර මෑණියන්ද දෑතේ හයියෙන් කුලියට ගිය බැවිනි. රුපියල් 2500/=ක සමෘද්ධි හිමිකම් ලබන පවුලක් වන මෙම පවුල දරුවාගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් තම කුස හරිහැටි නොපුරවා ගත් අවස්ථා අනන්ත බව සමෘද්ධි ගමනට දැනගන්නට ලැබුණි. සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ලාභියෙක් වන  ඉෂාණි දැරිය තමන්ට ලැබුණු ශීෂ්‍යත්ව මුදල් තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පමණක් යෙදවීමට වග බලා ගත්තේ ගමට පමණක් නොව රටටම ආදර්ශයක් දෙමිණි.
      
    සමෘද්ධි ගමන මැදිරිගිරිය ප්‍රාදේශිය සංනිවේදක වසමේ සමෘද්ධි නිලධාරී වජිරා දිසානායක මහත්මිය ප්‍රකාශ කලේ මෙම දැරියගේ මෑණියන් පලමු වර ප්‍රතිඵල බලා දිස්ත්‍රික්කයෙන් පලමු වැනියා බැවින් අදහාගත නොහැකිව කීප වතාවක් බලා එය නිවැරදි කරගත් බවත් අගහිගකම් වැඩි බැවින් සරසවි වරම් සිහිනයක් වේදෝ කියායි. වැඩිදුරටත් වජිරා මහත්මිය සදහන් කලේ තමා ශ්‍රද්ධා ගුවන් විදුලිය සේවයේ ශ්‍රද්ධා සමාජ සත්කාරක වැඩසටහනට මේ දැරිය පිලිබදව දැනුම්දුන් බවත්, එම වැඩසටහන මගින්ද දැරියගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා උපකාර කිරිමට කැමැත්තෙන් සිටින බවයි.
    
   සමෘද්ධි ගමනට අදහස් දක්වමින් මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සී.එම්.කරුණාරත්න මෙනවිය කියා සිටියේ මැදිරිගිරියෙන් මෙම ජයග්‍රහණය ලැබිම ඉතා සතුටු බවත්, අගහිගකම් ඉගෙනිමට බාදාවක් නොව උනන්දුව උත්සාහය කැපවීම හා කැප කිරීම තුලින් තම අභිප්‍රායන් මුදුන්පත් කර ගැනීමට හැකි බැවින් මෙම දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව සාර්ථක වේවායි යන්නයි.
          
  සමෘද්ධි ගමනද ඉෂාණි දැරියගේ සියළු අභිමතාර්ථයන් සිතන අයුරින්ම ඉටු වේවායි සුභාෂිංශණය කරන්නෙමු.

ඩි.එම්.පි.කේ.දිසානායක,
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව.

No comments:

Post a Comment