Thursday, July 20, 2017

“අඩි හැටේ පාළම” දුම්රිය පාලමේ වැඩ අවසන්

    කොළඔ සිට බදුල්ල බලා ධාවනය කරමින් තිබූ තැපැල් දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ කොටගල “අඩි හැටේ පාළම” අසලදී ඉකුත් (13) දා අළුයම අනතුරට පත්වීමෙන්  අනතුරුව එම දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු නිම කර කොළඹ සිට බදුල්ල බලා ධාවනය කෙරෙණ දුම්රිය අද (20) පෙ.ව.11.00 ට පමණ ධාවනය කෙරිණි. 

     අනතුර සිදුවී උඩරට  දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු නිම කිරීමට සතියක පමණ කාලයක් ගතව තිබුණි. පරීක්ෂණ දුම්රියක් අද පෙරවරුවේ  මෙම මාර්ගයේ ධාවනය කිරීමෙන් පසුව  කොළඹ සිට බදුල්ල බලා  ගමන් කරන දුම්රිය ධාවනයට යොදවා තිබුණි.

     ඉකුත් (13) දා සිදුවූ තැපැල් දුම්රිය අනතුරෙන් එහි මැඳිරි 04 කට හා අඩි හැටේ පාළම මෙන්ම දුම්රිය මාර්ගයටද හානි සිදුව තිබුණි. එහිදී දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Monday, July 17, 2017

හික්කඩුව සමෘද්ධි මුලස්ථාන අංශයෙන් පැන විසදමු - දැනුම වඩමු තරගාවලියක්


    හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දිවි නැගුම මුලස්ථාන අංශය හා නලාගස්දෙනිය ජයන්ති  අාදර්ශ  විදුහල සමඟ එ්කාබද්ධව 5 ශ්‍රේණියේ සිසු දරුවන්ගේ දැනුම වර්ධනය කිරිම සඳහා සංවිධානය කරන ලද 2017 පැන විසදමු  දැනුම වඩමු ප්‍රශ්න විචාරාත්මක තරඟා වලියක් පසුගියදා නලාගස්දෙනිය ජයන්ති  අාදර්ශ  විදුහලේදී අති සාර්ථාක අන්දමින් පැවැත්විණි. 

     මෙම වැඩසටහනේ නිර්මාතෘ හා ප්‍රධාන සංවිධායකත්වය දරනු ලැබුවේ විමලරත්න කලුඅාරච්ච් දිවි නැගුම සංවර්ධන නිලධාරි මහත්මා විසිනි. එතුමන්ගේ විශාල කැපකිරිම සමගින් ආරමිභ වු මෙම පැන විසදුම් තරගාවලිය සදහා හික්කඩුව සහකාර  ලේකම් ඩි.එන්.පි. කුලරත්න මහත්මිය, අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.පි. චන්දාවති මැතිණිය, විදුහල්පති කේ.ජි.ඩි. ප්‍රියදර්ශන මයා, දිවිනැගුම  මුලස්ථාන කලමනාකරු කේ.එච්. ගොතික් මිය, අමිනා මිය, සසිගුණරත්න මිය අැතුලු අාචාර්ය මන්ඩලයද සිසු දරැ දැරියන් 450 කට අධික පිරිසක් සහභාගි විය.  

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව  

ඩෙංගු මදුරැවා මට්ටු කරන්නට සමුපකාර සේවකයින්ට විදුලි මදුරැ පිති


     මේ දිනවල සිඝ්‍රයෙන් පැතිරයන  ඩෙංගු වසංගතය වෙන්නප්පුව  ප්‍රදේශයටද  බහුලව ව්‍යාප්ත වි තිබේ. වෙන්නප්පුව  විවිධ සේවා සමුපකාර සමිතියේ සහාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ අදහසකට  අනුව  සමුපකාර  සමිතියේ සේවය කරන  සියළුම  සේවකයින් හට මදුරැන් විනාශ කිරිමට විදුලි මදුරැ පිත්ත බැගින් බෙදා ⁣දෙනලදි.   තවද  ⁣වෛද්‍ය පෙරමුන මහතා විසින් ඩෙංගු වලක්වා ගන්නා ආකාරය  සම්බන්ධව දැනුවත් කිරිමද පසුගිය දා (14 ) වෙන්නප්පුව  සමුපකාර රැස්වීම්  ශාලාවේදි පැවැත්විණි. එම අවස්ථාවට සභාපති ලලත් පිරි්ස්  මහතා හා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින් ඇතුලු විශාල පිරිස්  සහභාගිත්වයෙන් පැවැත්වූණි.

ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

දුමිරිය උඩරට යන්නට තවත් සති තුනක්


      තවත් සති තුනක පමණ කාලයකින් පසු උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල දුම්රිය ස්ථාන අතර පිහිටි අඩි 60 පාලම මතින් දුම්රිය ගමන් කල හැකි වනු ඇති බව දුම්රිය ද‍ෙපාර්තමේන්තුවේ පාලම් ඉංජිනේරු රංජිත් විජේසිරි මහතා පවසයි. අලාභය තවම තක්සේරු කර නෑ. අනතුරට හේතුව සොයන්න පරික්ෂණයක් ක්‍රියාත්මකයි.

      උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර  අඩි 60 පාලමට දැඩි අලාබහානි කරමින් ඉකුත් 12 වන දා කොළම සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය අළුයම 2.30 ට  පිළි පැණිමකට ලක්විය. එම අවස්ථාවේ දුම්රිය මැදිරි හතරක් පමණ මාර්ගයෙන් ඉවතට පැන මිටර් 500 ක් පමණ දුරක් ඇදි ගොස් පාලමේ හිරවිමත් සමග පාලමට, දුම්රිය මාර්ගයට දැඩි  හානි සිදුවිය. විශේෂයෙන්ම මෙය උඩරට දුම්රිය මාර්ගය ඉදිකල මුල් සමයේ එනම් වර්ෂ 1940 දශකයේ දි පමණ ඉදිකල එයින් පසුව කිසිදු නඩත්තුවකට ලක් නොකල මුත් යෝගතාවයේ පැවති පාලමට ද දැඩි හානි සිදුවී ඇත. විශේෂයෙන්ම එම පාලම හරහා යොදා තිබු ශක්තිමත් ආධාරක පහකට වැඩි ප්‍රමාණයක දැඩි ලෙස හානියට පත් වී ඇත. එවා අලුතෙන් ස්ථාපිත කිරිමට මෙසේ කාලය ගතවෙමින් තිබේ. විශේෂයෙන් දිගු දුරකින් පිහිටි කදු දෙකක් යාකරමින් ඉදිකර ඇති මෙම පාලමේ පිහිටිම ද විශාල උසකින් සමන්විත වේ. එවන්  අනාරක්ෂිත ස්ථානයක කටයුතු කිරිමේ දැඩි අවධානම් තත්ත්වයක පවති.

      මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ඉංජිනේරු රංජිත් මහතා මෙසේද පැවසිය. මුළුමනින්ම පාලම ප්‍රතිනිර්මාණය කිරිමට සති තුනක පමණ කාලයක් ගතවෙයි කියලා තමයි අපි අනුමාන කලේ. නමුත් අපි උත්සහ කරනවා පුළුවන් තරම් ඉක්මනින් වැඩ ඉවර කරන්න. මෙම අනතුර සිදුවෙන තුරුම පාලම ධාවනයට යෝගතාවයෙන් තිබුනා. විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ග ඉදිකෙරුණ ආරම්භක අවදියේ ඉදිකෙරුණ පාලමක්. ඉන්පසුවම කිසිම කොටසක් මාරුකිරිම වැනි කටයුත්තක් සිදුකර නෑ. නමුත් යකඩ තාක්ෂණය එතරම් දියුණු නැති කාලයක කරපු පාලමක් නිසා අපේ සුදානමක් තියෙනවා ඉදිරියෙදි පාලම වෙනස් කරන්න. දැන් අළුත් දුම්රිය එනවා ඒවා  බරෙන් වැඩියි. තාක්ෂණයෙන් වෙනස් ඒ නිසා ඉදිරියේදි පාලම වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. අනතුරට හේතුව සම්බන්ධව නිගමනයකට පැමිණ ඇත්දැයි විමසු විට ඔහු පැවසුවේ ඒ සම්බන්ධව වෙනම පරික්ෂණයක් පැවැත්වෙනවා. පාලමට එන්න කලින් දුම්රිය පිළි පැනලා තියෙන්නේ. පිළි පැනපු දුම්රිය තමයි ඇදිගෙන ඇවිත් පාලමේ හිරවෙලා තියෙන්නේ. විශාල අලාභයක් සිදුවෙලා තියෙන්නේ නමුත් මෙතෙක් නිල වශයෙන් ගණනය කරලා නෑ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Sunday, July 16, 2017

මෙන්න සමෘද්ධියේ සුපිරි වැඩ

    කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරන්දෙනිය සමෘද්ධි කලාපයේ 92c දිවියගහවෙල වසමේ දිලිඳුකම උරුම කරගත් පවුලක් නගාසිටුවීමේ සමෘද්ධි ක්‍රියාන්විතය ඇරැඹෙයි.

   ඇය ආර්.එච්. සුනේත්‍රා මහත්මිය "මම දරුවන් දෙදෙනෙකුගෙ අම්මා කෙනෙක්. මගේ ස්වාමියා ශෙල්ටන් කුලීකරුවෙක්. එයා සියළු දුසිරිතෙන් තොර කෙනෙක්. අපි ජීවත් වෙන්නෙ මේ කුමාරි නංගි එයාගෙ අම්මා එයාගෙ ගෙදර තියාගෙන අපට ඉන්න දුන්න එයාලගේ පරන ගෙයි. එහෙම ඉන්න අතර තමයි මේ නිවහනක අදහස ආවේ. මේ ඉඩම අම්මගෙ පවුලේ නැන්දලා මාමල අපට දුන්න. අපේ කුමාරි නංගි, සමෘද්ධි නිලධාරීතුමා, උපුල් මල්ලි ඇතුළු කට්ටිය එකතු වෙලා ගේ හදන්න ගත්තා. අපට සමෘද්ධි සහනාධාර නැහැ. ඒත් මේ නිලධාරී මහත්මයා උතුම් කෙනෙක්."

   වසමේ සමෘද්ධි නිලධාරී සරත් ගුණරත්න මහතා "මගේ රාජකාරි කාලයේදී හදන අටවෙනි නිවස. මේ කටයුත්ත විශේෂිතයි. මොකද මේ පවුල ගමේ සියළු දෙනාගේ හොඳහිත දිනාගෙන ඉන්නවා. මේ කුමාරි නංගිලා උපුල් මල්ලිලා ගමේ විශ්වාසය දිනාගත් අය. මේ වැඩේට අපට සමෘද්ධි සමාජ සංවර්ධන පදනමින් රු:25000/=ක් ලැබුණා. අනෙක් සියළු වියදම් ගමේ මිනිස්සුන්ගෙ පරිත්‍යාග. මෙහිදි මම විශේෂයෙන් මගේ ගෞරවය කරන්දෙනිය පොළිස් ස්ථානාධිපති ප්‍රසන්න ඇල්ගිරිය ඇතුළු නිලධාරීන් දෙන සහයෝගය වෙනුවෙන්. අපේ ඉහළ නිලධාරීන් සියළු දෙනාම ගෞරවයෙන් අගය කරනවා.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

පවසට ජල බිදක්


    මේ දිනවල පවතින අධික නියන් තත්ත්වය හේතුවෙන් වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  සිරිගමපල, සාන්තානාපුර  ජනතාවට  පානිය  ජල අවශ්‍යතාව  සපුරා  ගැනීමට විශාල වෙහෙසක් දැරිමට සිදුවී ඇත. ඔවුන්ගේ පවස එක් මෙහෙතකට හෝ නිවීම පිනිස  පානිය ජල බොතල්  ලබා  වෙන්නප්පුව  ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති සුසන්ත පෙරේරා මහතාගේ  අනුග්‍රහයෙන් සාන්තානාපුර  පොල භුමියේ දි පසුගියදා සිදු කෙරිණි.

උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

පිළි පැනීමෙන් හානි වු උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරිමට තවත් දින කීපයක්

 උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය හා කොටගල දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ග ප්‍රදේශය යථා තත්ත්වයට පත්කිරිමට තවත් දින කීපයක් ගතවන බව ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ එම ස්ථානයේ නඩත්තු කටයුතු කරන නිලධාරින් පවසයි.

   එම ස්ථානයේදි රාත්‍රි තැපැල් දුම්රිය පිළි පැණිමත් සමග සිදුවු අනතුරෙන්  දුම්රිය මැදිරි 4 ක් පමණ මුළුමනින්ම මාර්ගයෙන් ඉවතට පැණ තිබිමත් දුමරිය මාර්ගයට ද දැඩි හානි සිදුවී තිබේ. එමෙන්ම පාලමට ද හානි සිදුවි තිබේ. පසුගිය දින කිපය තුල සිටම දුම්රිය ද‍ෙපාර්තමෙන්තු නඩත්තු අංශයේ නාවලපිටිය හා බදුල්ල අංගනයන් වල නිලධාරින් හා සේවකයින් එම ස්ථාන පිළිසකර කිරිම් වල නිරත වෙමින් සිටි. මේ වන විට ඔවුන් විසින් මාර්ගයෙන් ඉවතට පැන තිබු දුම්රිය මැදිරි නැවත පිළිගත කිරිම අවසන් කර තිබේ.

    උඩරට දුම්රිය මාර්ගයේ  ඉකුත් 12 වන බදාදා හැටන් දුම්රිය ස්ථානය හා කොටගල දුම්රිය ස්ථාන අතර 110 ½ ස්ථානයේ වු අඩි 60 පාලම ලෙසින් හදුන්වන ස්ථානයේ දි රාත්‍රි තැපැල් දුම්රිය  අළුයම 2.30 ට පමණ අනතුරට පත්වි ය. එම අනතුරෙන් තැලිම් තුවාල ලැබු කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙන් තැලිම් තුවාල ලබා දික්ඔය රජයේ දිස්ත්‍රික් රෝහලයට අතුලත් කිරිමටද පියවර ගෙන තිබින.

    එම අනතුර සිදුවු දිනයේ සිට කොළඹ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වාත් බදුල්ල සිට කොටගල දුම්රිය ස්ථාන දක්වාත් දුම්රිය ගමනා ගමනය සිදුකෙරෙන අතර ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් හැටන් ඩිපෝව විසින් එම දුම්රිය ස්ථාන ද‍ෙක අතර මගීන් ප්‍ර‍වාහන කටයුතු සිදු කරති.

 චන්දන ජයවීර
 සමෘද්ධි ගමන සන්නිවේදක - හැටන්