Tuesday, December 12, 2017

සමෘද්ධි ලොතරැයි දිනුමෙන් හිසට සෙවණක්


  බරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 144 ඊ කොග්ගල අතිරේක II ග්‍රාම නිලධාරී වසමේ පදිංචි රෝහිණී විජේසිංහ මහත්මිය සමෘද්ධි ලභියෙකි. අැයගේ පවුලේ සමාජික සංඛ්‍යාව 4 දෙනෙකි. වැඩිමහල් පුතා ආබාධිත තත්ත්වයෙන් පසුවන අතර අනෙක් දරුවා පාසල් වියෙහි පසුවෙයි. ස්වමියා කුලීවැඩ කරමින් මෙම පවුල නඩත්තු කරන අතර ඔවුන් ජීවත් වන නිවස ඉතාම අබලන් තත්ත්වයේ අැත. 

   අැයට මෙන්ම මෙම පවුලේ වැඩිමහල් දරුවාට ද නිවසක් තනාගැනීමට තිබුණේ ඉමහත් උත්සාහයකි. නමුත් මේ සඳහා ඔවුන්ට මූල්‍ය ශක්තියක් නොතිබුණි. සමෘද්ධි වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන නිවාස ලොතරැයි ජයග්‍රහණයක් අැයට පසුගිය දින ලැබුණි. එම ජයග්‍රහණය ලද අැයට එය මුලු ජීවිත කාලය පුරාවට සපුරා ගත නොහැකි ව සිටි සිහිනයක් වූ තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට මෙම ලොතරැයි දිනුම අැයට උදාකල වාසනාවක් බව අැය සමෘද්ධි ගමනට පැවසුවාය. මෙම ලොතරැයි දිනුමෙන් ලත් මුදලින් තමන්ගේම නිවසක් සාද ගැනීම සඳහා මුල්ගල් තබන ලදි. ඉක්මනින්ම තමන්ගේම නිවසක පදිංචි වීමේ බලාපොරොත්තුවෙන් අැය පසුවෙයි. 

   මෙම මුල්ගල් තැබීමේ අවස්ථාව සඳහා හබරාදූව සමෘද්ධි මූලස්ථාන කළමණාකාරු මොහාන් චිත්‍රලාල් මහතා, ව්‍යාපෘති කලමණාකාරු M.K.ජයන්ත මහතා, කොග්ගල සමෘද්ධි බැංකු කලමණාකාරු ප්‍රියානි මල්කාන්ති මහත්මිය, සමෘද්ධි නිලධාරීන් වන M.වික්‍රමසිංහ මහතා හා ජයන්ත වික්‍රමසූරිය යන මහත්ම මහත්මීන් සහභාගී විය.

එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

Friday, December 8, 2017

ප්‍රාදේශීය සමෘද්ධි ව්‍යාපාරික සංගමයට නව නිලධාරීන්......


    ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සමෘද්ධි ව්‍යාපාරික සංගමයේ වාර්ෂික මහා සභාව 2017.12.06 දින ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලායේ පරිපාලන නිලධාරී වරුණ තන්තිරිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීම සදහා කොට්ඨාශයේ ලියාපදිංචි සමෘද්ධි ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සහභාගී විය.

   පැරණි නිලධාරීනගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් හිටපු සභාපති තුමිය විසින් සිදු කල ස්තුති කථාවෙන් අනතුරුව නව නිලධාරී මංඩලය තෝරාපත් කර ගත් අතර අභිනව සභාපති වශයෙන් ආර්.කේ. චමිලා චාමරී මහත්මියත්, ලේකම්වරිය ලෙස ගුණසීලී තුඩුවගේ මහත්මියත්, භාණ්ඩාගාරික ලෙස ෂිහාරි ශෂිකලා මහත්මියත් තේරීපත් වූ අතර නව සාමාජිකයන් සංගමය වෙත බදවා ගැනීමද මෙහි දී සිදු කෙරුණි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගෝනාපීනූවල

දිවි සරිකර ගන්න උපකරණ


   පේ රටේ ජනතාවගේ දිලිඳුකම පිටුදැකීම සදහාවූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූඛ්‍ය පරමාර්ථය සාක්ෂාත් කිරීමට සිය දායකත්වය ආරම්භක අවස්ථාවේ සිටම නොඅඩුව ලබාදෙන කරන්දෙනිය සමෘද්ධි ව්‍යාපෘති අංශය 2017 වසරේදී මෙම වැඩසටහන නවතාවයක් සහිතව ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය ලේකම් අයි.එස්. සමරකෝන් මහතාගේ නිවැරදි දැක්ම සහ ව්‍යාපෘති අංශයේ අතිමහත් කැපවීමතුල හැකියාව ලැබී තිබිණි.

   රාජ්‍ය ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 14ක් සමග ප්‍රතිලාභී දායකත්වය ලක්ෂ 4ක් ලෙස රුපියල් ලක්ෂ 18ක් යොදවා සියළු අංශවල ආදායම් උත්පාදන ව්‍යාපෘති 47ක් වැඩිදියුණු කිරීමට සමෘද්ධි සහනාධාර ලබන අඩුආදායමලාභීන් වෙත ප්‍රාග්ධන උපකරණ ලබාදීමට මෙහිදී කටයුතු කරන ලදැයි ව්‍යාපෘති කළමනාකරු සමන්ත බේරුවලගේ පැවසීය.

   කාලය හෝ මුදල් නාස්තියක් නැතිව උත්සව නැතිව ආරාධිතයින් නැතිව සියළු ව්‍යවසායකයින් වෙනවෙනම දැනුම්වත් කරමින් යන්ත්‍ර ක්‍රියාකාරීත්වය පහදා දෙමින් ව්‍යවසායක දැනුම අවස්ථානුකූලව ලබා දෙමින් හිමිකරුගේ අභිමතය පරිදි තමන්ට ලැබෙන උපකරණ පරීක්ෂා කොට භාරගැනීමට ප්‍රතිලාභී සියළු දෙනාටම අවස්ථාව දීමට මූලස්ථාන කළමනාකරු ඇතුළු නිලධාරීන් මෙහිදී කටයුතු යොදා තිබිණ.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

Thursday, December 7, 2017

දැනුම අත්දැකීම් හුවමාරුව තුලින් කුඩා කණ්ඩායම් සජීවිකරණය


   මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 97 වෙඩිකචිචිය සමගිපුර ගම් ගොඩැල්ලේ ප්‍රජාමූල සංවිධාන පිහිටුවීමත් සමග අඩු ආදායම්ලාභී පිරිස් සමෘද්ධි වැඩසටහන හා සම්බන්ධවීම  ආරම්භ වී ඇති අතර  තමන් විසින්ම කුඩා කණ්ඩායම් ගතවීම් මේ වන විට සිදුවෙමින් පවතී.

   මෙම කුඩාකණ්ඩායම් ගතවූ කණ්ඩායම් සාමාජිකයින් 2017.11.25 දින 86 ගජබාපුර  වසමේ සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරී වජිරා මල්කාන්ති මහත්මිය හා එම වසමේ ඩි 5 ඇල ප්‍රජාමූල සංවිධානයේ ගරු ලේකම් තුමිය වන දීප්තිකා  රෝසි දීපානි මහත්මිය විසින් තම වසමේ අත්දැකීම් හා කුඩා කණ්ඩායම් ක්‍රියාවලිය පිළිබදව දැනුවත් කරන ලදි.

   මෙම සාමාජිකයින් යැපුම් මානසිකත්වයෙන් තොරව සමෘද්ධි වැඩසටහන තුල තමන්ගේ ජීවනෝපාය ඉලක්ක සපුරා ගැනිම සදහා සමෘද්ධි බැංකුවේ ණය ක්‍රියාවලිය උපයෝගී කරගන්නා බව එම කුඩා කණ්ඩායම් සාමාජිකයින් සමග අදහසයි අත්දැකීම් හුවමාරුව සදහා පැමිණි රෝෂි මහත්මියද කියා සිටියේ  වෙනත් වසම්වල විවිධවූ පිරිස් සමග අත්දැකීම් හුවමාරුව ඉතා වටිනා බවත් 99 වේදේහපුර වසමේ සාර්ථක ව්‍යාපෘතිලාභින්ගේද අදහස් හුවමාරුවක යෙදුන බවත්, ඒ තුලින් තම ජීවනෝපායද සංවර්ධනය කරගත හැකිවූ බවත්ය. 

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

Wednesday, December 6, 2017

ඉටි රෙදි ඇහුරූ නිවසක ජීවත් වූ නියාගම අසරණ පවුලට හිසට සෙවනක්

    මාටම කියා නිවසක් නොමැති මොනතරම් අසරණ මිනිසුන් අප සමාජය තුල කොතරම් ඇතිද. එසේම අප සමාජය තුල සමහර පවුල් ජීවත්වන ආකාරය දුටුවිට ඕනෑම අයෙකුගේ හදවත් හඩා වැලපෙනු ඇත. එසේම මෙවන් පවුල් නගර ආශ්‍රිතව, දුටුවද ගම්බද එවන් තත්වයන් දක්නට ඇත්තේ බොහෝ කලාතුරකිනි. කලින් වගකිව යුතු කිසිවකුගේ නෙත නොගැටුණු එවන් පවුලක් නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාරග්ගොඩ ග්‍රාම නිළධාරී වසමෙන් හමුවිය. 

   කිසිදු හව්හරනක් නොමැතිව තමාට කියා ඇති එකම ඉඩම් කොටසේ වහලට ඉටිරෙදි යොදා ගෙන එය වටා තවත් ඉටිරෙදි වලින් අසුරා ගෙන ජීවත්වූ මෙම කාන්තාවන් දෙදෙනා පිළිබද තොරතුරු දැනගත් සමෘද්ධි සංවර්ධන නිළධාරී කුමාරී වනිගසේකර මහත්මිය සමිති නිළධාරීන් සහ සාමාජිකයන් සමග එම ස්ථානයට පැමිණියාය. ඔවුන්ට අත් වී ඇති ඉරනම පිළිබද දැඩි කම්පාවක් ඇති වීමෙන් පසු ඔවුන්ට මැටි ගසා හෝ ඉතා ඉක්මනින් නිවසක් ඉදි කර දියයුතු බවට ඔවුන් සැම දෙන තීරනය කරන ලදි. ඒ අනුව නිවස ඉදිකිරීම ඉක්මනින් ඇරඹුනු අතර, එසේම ඉතා ඉක්මනින් එහි වැඩ අවසන් විය. නිවස කාන්තාවන් දෙපලට භාර දෙන දිනය උදාවිය. ඉතා චාම් උත්සවයක් සංවිධානය කල සමෘද්ධි සමිතිය මානම්පිට විහාරස්ථානයේ විහාරාධිකාරී තනමල්විල විනීත ස්වාමීන් වහන්සේ වඩම්මවා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මෙම නිවස අසරන කාන්තාවන් දෙපලට භාර දෙන ලදි. 

    මෙවන් කටයුතු ඉටුකිරීමේදී සමෘද්ධි නිළධාරී තුමිය ඇතුලු සාමාජිකයන් කරන කැපවීම තමන් වහන්සේ ඉතා අගය කරන බවත් තව තවත් මෙවන් සමාජ සද්කාර්යයන් ඉටු කිරීමට තුනුරැවන්ගේ සරන ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බවටත් අනුශාෂනාවක් පවත්වමින් විනීත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියහ. 

     මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මිය සහ සමාජ සංවර්ධන සහකාර දයාල් ප්‍රියන්ත මහතාද මෙහිදී අදහස් දක්වන ලදි. සමෘද්ධි සමිති සභාපති සෝම කැටිපෙආරච්චි මහත්මිය විසින් මේ සදහා සහයෝගය දැක්වූ සැමට සිය ස්තුතිය පුද කරන ලදි. අවසානයේදී මෙම දෙපලට මාස දෙකකට පමන අවශ්‍ය වියලි ආහාර ඇතුලු පාරිභෝගික භාණ්ඩ රැසක් පරිත්‍යාග කරන ලදි. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

Tuesday, December 5, 2017

ඉමදුවට කුකුළෝ ඇවිත්


    මෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන විවිධ වු අංශ යටතේ සමෘද්ධි ප්‍රතිලාභින්ට සේවා සහ මුල්‍ය පහසුකම් සලසමින් ලබා දෙන සේවය අතිමහත්. විවිධ වු ව්‍යාපාර ස්වයංරැකියා ආරම්භ කර ආර්ථික ශක්තිය ගොඩනගා ගැනිම සදහා වෙර දරණ පුද්ගලයින්ට මෙමගින් ලැබෙන දායකත්වය සුළුපටු නොවේ. 

    එම ජීවනෝපාය සංවර්ධන වැඩ සටහ‍නේ සත්ව පාලන අංශය  හරහා කුකුළු පැටව් සහ එළ ගවයින් බෙදාදීමේ වැඩ පිලිවෙලක් ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි කාන්ති මහත්මියගේ මුලිකත්වයෙන් පසුගිය දා කාර්යාල භූමියේදි සිදුවිය. අඩු අදායම්ලාභි පවුල් වල සත්වපාලන කටයුතු වල නිරත වෙන පුද්ගලයින්  හා සත්වපාලන කටයුතු සදහා උනන්දුවක් දක්වන පුද්ගලයින් වසම් මට්ටමෙන් මේ සදහා තෝරා ගත් බවත් සත්ව පාලනය පිලිබද මූලික දැණුම හා අවබෝධය  ලබා දීම සදහා ඉමදුව පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෙද්‍ය නිලධාරිතුමියගේ සහය ලබාගත් බවත් ව්‍යාපෘති කළමණාකරු ඉසුරු කළුආරච්චි මහතා ගමන සමග පැවසුවේය. මෙම සත්වපාලන ව්‍යාපෘති සදහා සමෘද්ධි ප්‍රතිපාදන ලෙස රුපියල් තුන්ලක්ෂ දහදාහක් ලබාදී ඇත.  ඉන් එක් ප්‍රතිලාභියකුට හිමිවන උපරිම මුදල රුපියල් හතලිස් පන් දහසක් වන අතර ඉතිරි මුදල් ප්‍රතිලාභීන් විසින් සපයා ගතයුතු වේ. මුලස්ථාන කලමණාකරු, ව්‍යාපෘති සහකාර  ඇතුළු සංවර්ධන නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

වකුගඩු පරික්ෂාව හා බෝ නොවන රෝග පාලනය පිලිබඳව දැනුම


   හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  සහකාර ප්‍රාදේශිය ලේකම්  ඩි.එන්.පි.කුලරත්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් කාර්යාල නිලධාරින් සඳහා වකුගඩු පරික්ෂාව හා බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරිමේ වැඩ සටහනක්  සංවර්ධන නිලධාරි ඩි.එන්. අබේසේකර මහත්මිය විසින් සංවිධානය කරන ලදී. මේ සඳහා යක්කලමුල්ල ප්‍රජා සෞඛ්‍ය  වෙෙදය නිලධාරි එස්.එම්.පි.පි. සමන් කුමාර මයා, බෙන්තර ප්‍රජා සෞඛ්‍ය වෙෙදය නිලධාරි ඉනෝකා එගොඩගේ මිය, හික්කඩුව ප්‍රජා සෞඛ්‍ය වෙෙදය නිලධාරි ජි.ජි. කාංචනා මිය, ප්‍රජා සෞඛ්‍ය වෙෙදය නිලධාරි  අශෝකා විජේසංහ යන අය විසින් කාර්යාල නිලධාරින් දැනුවත් කිරිම හා ලේ, මුත්‍රා, රැදිර පීඩනය පරික්ෂා කිරිම්ද සුදුකල අතර මේ අවස්ථාවෙදිම නිලධාරින්ට අවශය ප්‍රතිකාර හා උපදෙස් ලබා දිමද සිදුකරන ලදි.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව