Wednesday, May 24, 2017

සමෘද්ධි නිලධාරින්ටත් යෝග අභ්‍යාස

     දිගු කාලීනව කාර්යාල තුල සේවයේ යෙදීමෙන් මානසික ආතතිය දියවැඩියාව හා කොලොස්ට්‍රෝල් වැනි රෝගවලට ගොදුරු වීමේ ප්‍රවනතාවක් පවති. මෙම රෝග වලින් මිදීම සදහා භාවනා ක්‍රම හා නොයෙකුත් ව්‍යායාම වල යෙදීම සුදුසු බව වෛද්‍ය වරුන්ගේද මතය වී ඇත. ඒ අනුව  පුත්තලම දිස්ත්‍රීක් සමෘද්ධි අධ්‍යක්ෂ නාලක ප්‍රියශාන්ත මහතාගේ අදහසකින් සමෘද්ධි නිලධාරින්ට යෝග ව්‍යායාම සම්බන්ධව පුහුණුවක් ලබා දීමේ වැඩසටහනක් පසුගියදා පුත්තලම සමෘද්ධි බැංකු රැස්වීම් ශාලාවේදි පැවැත්විණි. 
        පුත්තලම දිස්ත්‍රික් සමාජ සංවර්ධන නිලධාරින්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ප්‍රථමයෙන් මෙම වැඩසටහන පැවැත්වු අතර යෝග ව්‍යායාම සම්බන්ධයෙන් මනා පුහුණුවක් ලබා ඇති පුත්තලම මුලස්ථාන කළමණාකරු උපුල් නයනානන්ද මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබිය.

         පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමා, සමාජ සංවර්ධන නිලධාරින් හා පුත්තලම ප්‍ර‍ාදේශිය ලේකම් කොට්ඨාශයේ  සමෘද්ධි සංවර්ධන නිලධාරින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
   ගමන සන්නිවේදක  -
   පුත්තලම

No comments:

Post a Comment