ඇලහැර පොසොන් බැති ගී තරඟයේ දෙවන ස්ථානය සමෟද්ධි කණ්ඩායමට
ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කල පොසොන් බැති ගී තරගයක් පසුගිය දා පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ නියෝජනය කරමින් හා ප්‍රදේශයේ වෙනත් ආයතන නියෝජනය කරමින් මෙම තරගය සදහා බැති ගී කණ්ඩායම් 18 ක් සහභාගී විණි. මෙම තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමෘද්ධි බැති ගී කණ්ඩායම දමත් විය.
මෙම බැති ගී තරගාවලිය ඇලහැර ප්‍රාදේශීය ලේකම් එස්.එම්.කේ කුමාරිහාමි මහත්මියගේ ප්‍රධාන සංවිධාන ශක්තියෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය බෞද්ධ අංශය මගින් සංවිධාන කටයුතු සිදු කෙරින.
කේ.එම් වික්‍රමවංශ රාජපක්ෂ
ගමන සංනිවේදක - ඇලහැර
No comments:
Post a Comment