Friday, June 16, 2017

පිණිකහන සමෘද්ධි බැංකුවේ නව පාලක මණ්ඩලය පත් වේ

      නව චක්‍රලේඛන උපදෙස් පරිදි පිණිකහන සමෘද්ධි බැංකුවේ නව පාලක මණ්ඩලය පසුගියදා පත් කරණු ලැබීය. ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් විමල් සිසිර කුමාර මහත්මාගේ උපදෙස් පරිදී සමෘද්ධි මහ සංගම් කළමණාකරැ ප්‍රේමිකා මල්කාන්ති මහත්මිය හා බැංකු කළමණාකරැ චන්ද්‍රා ලියනගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම මහා සභා නිලවරණය පැවැත්වීණි. මෙම අවස්ථාව සදහා වසම් නියොජනය කරමින් සංවර්ධන නිලධාරින් රැසක් එකතුවී සිටි අයුරැ දැක ගත හැකි විණි. වසම් 12 නියෝජනය කරමින් සමාජික සමාජිකාවන් විශාල ප්‍රමාණයක් පැමිණි අතර පාලක මණ්ඩලයේ නව සභපති ලෙස එන්. ඩී. ප්‍රියානි මහත්මිය තේරී පත් විණි.

ප්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment