Wednesday, June 21, 2017

මිතුරැ කමේ දැත් දිගුවේ

    මිතුරැකම බලෙන් ඇති කර ගත නොහැකි දෙයකි. සමහර මිතුරන් කිසිදා දැක නැතුවා විය හැක. මිතුරැ කමට පාට, පක්ෂය, ආගම, කුලය, ජාතිය අදාල නොවන බව පසක් කර දීමට ගැලු ගං වතුරට හැකි විය. එවන් මිතුරන් රැසකගේ සහයෙන් ගමන මාධ්‍ය අංශය ප්‍රජා සත්කාරක වැඩ සටහන් රැසක් සංවිධානය කලේ අසරණ වු මිනිසුන් වෙනුවෙනි.

    එහි තවත් එක් පියවරක් පසු ගියදා (20) ලිටිල් ඩක් පෙර පාසලේදී සිදු කෙරිණි. පෙර පාසලේ ඉගෙනුම ලබන දරැවන් සදහා පාසල් උපකරණ ලබා දීම කහදුව පරම විසුද්ධාරාම පුරණ විහාරවාසී වැලිවිටියේ වනරතන හාමුදුරැවන්ගේ අනුශාසනා පරිදි සිදු කිරීමට අපට හැකි විණී. මෙහිදී FB මිතුරන් විසින් අප වෙත එවු පාසල් උපකරණ දරැවන් වෙත ලබා දීමට අපට හැකි විණි. මෙම අවස්ථාව සදහා ගමන සංස්කාරක ප්‍රදීප් නානායක්කාර, ලිටිල් ඩක් පෙර පාසලේ පාලිකාව හා ආර්. ටී. කමල් ඇතුලු පිරිසක් එක් විණි.

නාමල් චින්තක

No comments:

Post a Comment