Tuesday, July 11, 2017

බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇසල සදින් බැබැලේ


     අැසල පොහෝය නිමිතිකරගෙන බෙන්තොට ප්‍රාදේශිය ලේකම් තුමාගේ මග පෙන්විම යටතේ පසු ගිය 07 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුබද්ද සියලුම අංශ වලනිලධාරින් සදහා සිල ව්‍යාපාරයක් පවත්වනු ලැබීය. මෙම සීල ව්‍යාපාරය සදහා සියලු අංශ නියෝජනය කරමින් විශාල උපාසක උපාසිකා පිරිසක් සිල් සමාදන් වී  සිටි අයුරැ දැක ගත හැකි විය.

     2017/07/09 වන දින නිලධාරින්, වැඩිහිටි සමිති හා ප්‍රාදේශිය දහම් පාසල් වල දරැ දැරියන් විසින් බක්ති ගිත ගායන තරගයක් පවත්වන ලදි. මේ සදහා පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් ප්‍රතිසංස්කරන  අමාත්‍ය ගරැ ගයන්ත කරැණාතිලක මැතිතුමා ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා ප්‍රාදේශිය දේශපාලන නායකයින්, ප්‍රාදේශිය ලේකම් තුමාගේ අැතුලු  විශාල පිරිසත් සහභාගි වී සිටියේය.

කේ. ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

No comments:

Post a Comment