මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි දුම්වැටි විරෝධී කොඩි දිනයෙන් මෙවර පලමු ස්ථානය දිනාගෙන ඇත්තේ මණ්ඩලගිරිය කලාපය බව සමාජ සංවර්ධන සහකාර ආර්.එම්.එස්.කේ. මුණසිංහ මහතා ගමකට ප්‍රකාශ කරන ලදි.ඒ අනුව මණ්ඩලගිරිය කලාපය රු.197418/=ක්ද, දිවුලන්කඩවල කලාපය රු.166489/=ක මුදලක් සහ, දියසෙන්පුර කලාපය රු.100287/=ක මුදකලක්ද උපයා ඇති බවත් සමස්ථ මුදල රු.464194/= බවද වැඩිදුරටත් එතුමා සදහන් කරන ලදි.
මේ පිළිබදව සමෘද්ධි ගමන මණ්ඩලගිරිය කලාපයේ කේෂ්ත්‍ර සහකාර ඩබ්.ජි. තිලකරත්න මහතාගෙන් විමසීමේදී එතුමා කියා සිටියේ 2017 මාර්තු මාසයේ පැවති සමෘද්ධි ප්‍රගති සමාලෝචනයේදී වැඩිම අවුරුදු ගණුදෙනු සහ කොඩි අරමුදල් මෙම වර්ෂයේදී මණ්ඩලගිරිය කලාපයෙන් ගෙන එන බව සමෘද්ධි සංවර්ධන නිළධාරී ගාමිණී උදය කුමාර මහතා ප්‍රසිද්ධීයේ ප්‍රකාශ කිරීමෙන් අපේ කලාපය ඒ සදහා සූදානම් උන බවත්, එම ප්‍රකාශය කල ගාමිණි මහතාම මැදිරිගිරියේ කොඩි අරමුදලින් පලමු ස්ථානය ලබාගත් බවත් සදහන් කරන ලදි.
මෙවර කොඩි අරමුදල් ඉපයීමෙන් පලමු ස්ථානය රු.43918/= මණ්ඩලගිරිය කලාපයේ 103 අඔගස්වැව වසමේ සේවය කරන සමෘද්ධි සංවර්ධන නිළධාරී ගාමිණී උදය කුමාර මහතාද, රු.43100/= මුදලක් ඉපැයිමෙන් දිවුලන්කඩවල කලාපයේ 119 විජයරාජපුර වසමේ සමෘද්ධි නිළධාරී ජි.ජි.සි. ප්‍රීති කුමාර මහතා දෙවන ස්ථානයද, මණ්ඩලගිරිය කලාපයේ 98 ඇටඹඔය වසමේ සේවය කරන සමාද්ධි සංවර්ධන නිළධාරී රු.30000/=ක මුදලක් ඉපයීමෙන් තුන්වන ස්ථානය ලබා ගෙන ඇති අතර, වැඩිම මුදලක් ඉපැයූ ගාමිණි උදය කුමාර මහතා සමෘද්ධි ගමනට කියා සිටියේ.....
සෑම වර්ෂයකම දිවුලන්කඩවල කලාපයේ අනුර කුලසූරිය මහතා පලමු ස්ථානය ලබාගන්නා බවත්, 2016 වසරේ තමා රාකාරී කල 115 මණ්ඩලගිරිය වසම කලාපයෙන් පලමු ස්ථානය ලබාගත් බවත්, මෙවර ප්‍රජාමූල සංවිධාන බිහිවීමත් සමගම සමස්ථ ග්‍රාමීය ප්‍රජාවම සමෘද්ධි කොඩි දිනය සදහා දායකත්වය ලබාදුන් අතර ප්‍රජාමූල සංවිධානයේ ප්‍රධාන නිළධාරීන් වන ජානකී මහත්මිය, ශ්‍රියාණි මහත්මිය සහ දීප්ති කුමාරි මහත්මිය විශාල කැපවිමක් දැක්වූබවයි. වැඩිදුරටත් කතාකල එතුමා කියා සිටියේ 2017 මාර්තු ස්ථාන මාරුවීමක් ලබා මෙම වසමට පැමිණියත් තමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුව සිටියදී තිබූ විශ්වාසය සමස්ථ ග්‍රාමීය ප්‍රජාවම තමා කෙරෙහි තිබූ බවත්ය. විනිවිද භාවයෙන් විශ්වාශයෙන් රාජකාරී කිරිමේදී ඉලක්ක ජයගැනීම එතරම් අපහසු නොවන බවද පැවසූ ගාමිණී උදය කුමාර මහතා සමෘද්ධි ගමන ගැනද හඩ අවදි කරන්නට අමතක කලේ නැත.
එතුමා සමෘද්ධි ගමන ගැන කියා සිටියේ.... අපේ විවිධ වූ සමෘද්ධි වැඩසටහන් රටට ලෝකෙට අරගෙන යන්න පත්තරයක් කෙනෙක් හිටියේ නෑ.... සමස්ථ මා ඇතුළු අපේ නිළධාරීන් සතුටු වෙනවා අපි කරපු වැඩසටහන් රට තොට දැනගන්නට ලැබීම. අපිට ඒක සතුටක් වගේම ඊටත් වඩා වැඩි දෙයක් කරන්න හිතෙනවා... සමෘද්ධි ගමන දැන් අපිට ඒ සදහා ඉන්නවා.. මම සුභ පතනවා සමස්ථ නිළධාරීන් එක්ව සමෘද්ධි ගමනට.
ඩි.එමි.පි.කේ. දිසානායක
සමෘද්ධී ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව



No comments:
Post a Comment