Friday, August 11, 2017

ඉගෙනීමට දක්ෂ දිලිඳු පවුල්හි දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ


    බෝපෙ - පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලබුදූව කළාපයේ කළමණාකාරිනී බී.‍ජේ.ඒ. ස්වර්ණලතා මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ලබුදූව කළාපයේ වසම් 15 හි සේවයේ නියුතු සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ කැපවීම තුලින් එම කළාපයේ වසම් 15 තුලින් සොයා ගන්නා ලද දිලිඳු පවුල්හි ඉගෙනීමට දක්ෂ පාසැල් යන සිසු දරුවන් 22 දෙනෙකු  හට 2017/08/19 දින කළාප කාර්යාල පරිශ්‍රයේදී ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

    එක් සිසු දරුවෙකුට මසකට රු.300.00 බැගින් අධ්‍යාපන කටයුතු අවසන්වන තෙක් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙයි. ඒ සඳහා කැපකරුවන් රැසක් ඉදිරිපත්වී සිටි අතර, සමෘද්ධි සංවර්ධන නිළධාරීන් විසින්ද ශිෂ්‍යත්ව කිහිපයක් පිරිනැමීමට කටයුතු කොට තිබීම පිළිබඳව ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගීවු බෝපෙ - පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතාගේ පැසසුමට ලක්විය. කැපකරු දායකත්වය ලබාදුන් කිහිප පලක්ම සුබපැත්ම් එක්කළ අතර, ශිෂ්‍යත්වලාභී සිසු දරුවන් කිහිප පලක් හා එම දරුවන්ගේ දෙමාපියන්ද තමුන් වෙත ලද උපකාරය සම්බන්ධයෙන් අදහස් පළකරන ලද්දේ මෙසේ කරනු ලැබූ උපකාරය හේතුවෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට කටයුතු කරන බව දෙනෙතෙහි උණුසුම් කඳුළු කැට රඳවාගෙනය. මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරිනිය, සමෘද්ධි අංශයේ සියළුම කළමණාකාර මහත්ම මහත්මීන්ගේ හා ලබුදූව කළාපයේ සියළු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

සරත් පලිහපිටිය ගමගේ
සමෘද්ධි සන්නිවේදක
බෝපෙ පෝද්දල

No comments:

Post a Comment