Wednesday, August 16, 2017

කරන්දෙනිය සමෘද්ධි කැකුළු අධ්‍යයන චාරිකාවක්


   කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 93සී අගනකැටිය වසමේ දිලෙනතරු සමෘද්ධි කැකුළු ළමා සමාජයේ සාමාජික දරුවන් වෙනුවෙන් පසුගිය 14 දින විශේෂ අධ්‍යයන චාරිකාවක් සංවිධානය කොට තිබිණ.

   ළමා සමාජ සාමාජික දරුවන් 40ක් මෙම චාරිකාවට එක් වූ අතර ප්‍රථමයෙන් ගලගොඩ ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයට පැමිණි පිරිස දකුණු ආසියාවේ දිගම සැතපෙන බුදු පිලිමය වැද පුදා ගත් අතර එම විහාරස්ථානයේ ඓතිහාසික වැදගත්කම සහ විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටිම පිලිබඳ විහාරස්ථානයේ ප්‍රධාන දායක ග්‍රාම නිළධාරී ශ්‍රියන්ත ජයරත්න මහතා විසින් පැවැත්වූ දැනුම්වත් කිරීමේ දේශනයකටද සහභාගී විය.

  දෙවනුව සීනිගම දෙවොල් දේවාලය වන්දනා කොට ඉන් අනතුරුව සීනිගම මුහුදු වෙරළේ සරුංගල් යවමින් සතුටු විය. දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයා විසින් දෙවොල් දෙවිඳුන් සහ එම  දේවාලය ආශ්‍රිතව ඓතිහාසික තොරතුරු පිලිබඳවද මුහුදු වෙරළ ආශ්‍රිත තොරතුරු  ගැන සමාජ සංවර්ධන නිලධාරී විසින්ද දරුවන් දැනුම්වත් කිරීමටද කටයුතු කරන ලදි. 

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment