Sunday, August 6, 2017

හැටන් සමනලගම ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිමෙන් නිවසක දැඩි හානි


   හැටන් සමනල ගම ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිම නිසා නිවසකට හානි සිදුවී තිබේ. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් සමනලගම ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිමෙන් නිවසක කොටසකට හා ගෘහ භාණ්ඩ වලට හානි සිදුවී තිබේ. අද දින (06) වනදා පෙ.ව 6.30 ට පමණ මෙම අනතුර සිදුවු බව නිවැසියන් පවසති. එම අවස්ථාවේ නිවසේ සිව්දෙනෙක් සිට ඇති මුත් එම කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

පවතින මෙම තද වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් කදුකරයේ මාර්ග බොහෝ අවස්ථාවල ඝන මිදුමෙන් වැසි පවතින අතර දැඩි සීත කාලගුණික තත්ත්වයක්ද පවති. එම තත්ත්වය හමුවේ දෛනික ජන ජිවිතයට දැඩි පිඩාවක් එල්ල වී තිබේ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment