Thursday, November 23, 2017

හඟුරන්කෙත සමෘද්ධි හරිත උයනේ පලමු පැලය එස්.බී. දිසානායක මැතිතුමාගේ සුරතින්


    "මෘද්ධි හරිත උයන සංකල්පය" වූ කලී පරසරය සුරක්ෂිත කොට අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීම පමණක් ද නොව සෑම නගරයකම රක්ෂිතයක් අාරම්භ කොට ඒවා සංවර්ධනය කිරීම තුළ පෘථිවිය සුරක්ෂිත තැනක් බවට පත් කිරීම වෙනුවෙනි. මේ සංකල්පය පාසල් දරුවන්ගේ සහභාගිත්වය ද ලබා ගනිමින් සිදු කිරීිමට හැකි වීම එම දුවා දරුවන් ද පරිසරයට ආදරය කරන්න් බවට පත් කිරීමට හැකිවන්නක් වනු ඇත. නිසි ජනතා සහභාගිත්වය, ප්‍රදේශයේ ගොවි සංවිධාන ඇතුළු ස්වේච්ඡා සංවිධානවල ද දායකත්වය මේ කර්තව්‍යය සඳහා ලබා ගැනීම මෙහි සාර්ථකත්වයට සෘජු සහ සඵලදායී දායකත්වයක් සපයනු ඇත අතිගරු ජනාධිපතිතුමාගේ ග්‍රාම ශක්ති, වනරෝපා ආදී සංග්‍රාමයන් ද සමඟ පෑහෙමින් ඒ සඳහා ශක්තිය ලබා දෙන්නට ද 'හරිත උයනට' හැකිවේවා යි පතමි. මෙසේ අදහස් දැක්වුයේ ගරැ එස්.බී. දිසානායක මැතිතුමා පසුගිය 20 දින  හඟුරන්කෙත සමෘද්ධි හරිත උයන විවෘත කිරීමේ උත්සවයේදීය.

No comments:

Post a Comment