Friday, December 1, 2017

අයහපත් කාළගුණ තත්වයෙන් ගෝනාපීනූවලටත් දැඩි හානි

   වතින අයහපත් කාළගුණ තත්වය යටතේ ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 19 තුලම දැඩි අපදා තත්වයකට පත්වී ඇත. ප්‍රධාන වශයෙන් විශාල ගස් නිවාස හා මහා මාර්ග වෙත පතිත වීම, විදුලි කණු හා කම්බි කඩා වැටීම දෛනික ජන ජීවිතය පවත්වාගෙන යාමට බාධාවක් වී ඇත.

   ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙවන විටත් සහන සේවා ආරම්භකර ඇති අතර කාර්යාලයේ සියළුම ක්ෂේත්‍ර නිලධාරීන් හා කාර්යාලීය සෙසු නිලධාරීන් රාජකාරී කටයුතු සදහා අනුයුක්ත කර ඇත.

  දැනට පවතින වාර්තා අනුව කොට්ඨාශය පුරා නිවාස 10 ක් පූර්ණ හානිද නිවාස 185 අර්ධ හානිද ව්‍යාපාරික හා පොදු ස්ථාන 16 ද හානියට පත් වී ඇති අතර පීඩාවඩපත්  පවුල් සංඛ්‍යාව 210 කි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනපීනූවල

No comments:

Post a Comment